Divaina - හේකිත්ත යකඩ කම්හලක 128කට කොරෝනා - 92ක් ඉන්දියන් ජාතිකයින්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

covid19 වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ මහපරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි සේවකයින් 128 දෙනෙකු රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඞ් ආසාදිතයින් බවට තහවුරු වූ බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පැවසීය.

හ`දුනාගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් පුද්ගලයින් 92 දෙනෙකු මෙම කර්මාන්ත ශාලවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා ස`දහන් කළේය. අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 194 දෙනෙකු රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණය ස`දහා යොමු කර ඇත. මේ වන විට අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති අතර හ`දුනාගත් කොරෝනා ආසාදියන් ප‍්‍රථිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇති බවත් කම්හලේ ඉතිරි සේවකයින් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට යොමු කොට ඇති බවත් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

බී.ටී.කේ - ජාඇල අතිරේක

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles