Divaina - සතොස මත්පැන් සිද්ධිය සොයන්න සුරාබදු ලොක්කෙක්... පැමිණිල්ල ලැබිලා තියෙන්නෙ අමුතුම විදිහකට

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sathosaඅනුරාධපුර පිහිටි සතොස සුපිරි වෙළෙඳසල තුළ පිහිටා ඇති සුරාබදු බලපත‍්‍ර ලත් ස්ථානයේ සීල් කඩා විවෘත කර මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකු ඊයේ (10 දා* කොළඹින් පිටත්ව ගොස් ඇත. 02 - පිටුවට
 
 සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත උතුරු මැද පළාත භාර සුරාබදු කොමසාරිස් හා අනුරාධපුර දිස්ත‍්‍රික්කය භාර සුරාබදු අධිකාරි මේ සම්බන්ධයෙන් හදිසි ස්ථානීය පරීක්‍ෂණයක් පෙරේදා (09 දා* ආරම්භ කර තිබෙන බව ද සුරාබදු කොමසාරිස්/සුරාබදු මාධ්‍ය ප‍්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.
 
 මීට අමතරව අනුරාධපුර ප‍්‍රදේශය භාර සුරාබදු අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් යුතු සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අනුරාධපුර සතොස අලෙවිසැලට පැමිණ කරන ලද පරීක්‍ෂණයට සමගාමීව ශ‍්‍රී ලංකා පොලිසිය මගින් සහ සතොස පාලනාධිකාරිය විසින්ද පරීක්‍ෂණ පවත්වා ප‍්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද කපිල කුමාරසිංහ මහතා කීවේය.
 
 සතොස සුපිරි වෙළෙඳසලේ මත්පැන් තොගයක් සුරාබදු නිලධාරීන් ගොස් හමුදාවට ලබාදීමක් සිදුකර ඇති බවත් එම නිලධාරීන් සතොස සේවකයන්ට එම තොරතුරු ලබා නොදීම නිසා කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

 චමින්ද සිල්වා - ප‍්‍රභාත් විතාන
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles