Divaina - රෙදි කඩක් දරුවාට පොරවා සුඛෝපභෝගි මෝටර් රථයකින් කුඩු බෙදලා

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 සමන්තී වීරසේකර
 
 රෙදි කඩකින් පෙරවූ දරුවා පොලිසියට පෙන්වා නොමග යවමින් කුඩු ජාවාරමේ යෙදී ඇති යුවළක් මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 අසනීප තත්ත්වයේ පසුවන පස් හැවිරිදි දරුවා රෝහල් ගත කරන්නට රැගෙන යන බව පවසමින් සුඛෝපභෝගි මෝටර් රථයකින් මහනුවර හා අවට ප‍්‍රදේශවලට මත්කුඩු බෙදා හරිමින් සිටි මෙම යුවළ මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලූවී පීරීස් මාවතේදී රුපියල් ලක්ෂ 22 ක මුදල් හා මත්කුඩු ග‍්‍රෑම් 60 ක් සමග පෙරේදා (09 දා* රාත‍්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
 
 සංචරණ සීමා පනවා තිබියදී පොලීසිය නොමග යෑවීම පිණිස මෙම යුවළ පස් හැවිරිදි දරුවා රෙද්දකින් පොරවා තැනින් තැනට ගමන් කරමින් අදාළ ජාවාරම ක‍්‍රියාත්මක කර ඇත. වාහනයේ සිටියදී පොලීසිය භාරයට ගත් දරුවා හතළිස් හැවිරිදි කාන්තාවගේ පළමු විවාහයේ අයෙකු බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
 
 තිස්නව හැවිරිදි සැකකාර කාන්තාව හා ඇගේ අනියම් සැමියා වන අනෙක් සැකකරු මහනුවර හෝටලයක නවාතැන් ගෙන මෙම ජාවාරම සිදුකර තිබෙන බවත් ඔවුන් මහනුවර අවට පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් පමණ වන බව මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක මහතා කීය.
 
 මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පලිහවඩන, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ යන මහත්වරුන්ගේ උපදෙස් මත දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක, උප පොලිස් පරීක්ෂක සේමසිංහ, කාන්තා පොලිස් සැරයන් වාසනා,පොලිස් කොස්තාපල්වරුන් වන හේමසිරි,දර්ශන,ගුණවර්ධන යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.
 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles