Divaina - මහ වැසි ජන දිවියට දැඩි පීඩා... කෑගල්ලේ පවුල් හැටක් අවතැන්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mahawasipae4


වරකාපොළ - සරත් ආනන්ද ලියනගේ, වසන්ත කුමාර මාපා
පෙරෙදා (13 දා* දිනයේ ඇතිවූ අධික වර්ෂාව
හේතුවෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 60
ක් අවතැන් වී පුද්ගල මරණ එකක් වාර්තා වී
ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත‍්‍රික් ලේකම් මහින්ද
එස්. වීරසූරිය මහතා සඳහන් කරයි.


කෑගල්ල, තෝලංගමුව, ගස්නාව ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රී පස්
කන්දක් කඩා වැටීම හේතුවෙන් නිවාස දෙකක් පූර්ණ වශයෙන්
හානියට පත්ව ඇති අතර එක් නිවසක සිටි අවුරුදු 55 ක
පිරිමි පුද්ගලයෙක් පස් කන්දට යටවී මිය ගොස් ඇති අතර
එම නිවසේ කාන්තාව සහ හානියට පත් අනෙක් නිවසේ සිටි
පුද්ගලයන් තිදෙනෙක් ගම්වාසීන් විසින් රෝහල් ගත කොට
තිබේ. නාය යෑමෙන් මියගොස් ඇත්තේ ගස්නාවේ පදිංචි 55
වියැති ඩබ්ලිව් එම්. ජයරත්න නැමැති අයෙකි. ඔහුගේ
මෑණියන් වන 83 වියැති පේමාවතී නමැත්තිය මහනුවර
රෝහලට මාරු කර යවා ඇත.

එමෙන්ම දැරණියගල ප‍්‍රාදේශීය
ලේකම් කොට්ඨාසයේ පවුල් 07 පුද්ගලයින් 35 ක් අවතැන්
වී ඇත. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පහත් බිම් කිහිපයක් ඊයේ
(14 දා* උදෑසන වන විට ජලයෙන් යට වී තිබිණි. කෑගල්ල,
අවිස්සාවේල්ල මාර්ගයේ තල්¥ව හා අඟුරුවැල්ල ප‍්‍රදේශවල
එම මාර්ගය යට වී තිබිණි. රුවන්වැල්ල, යටන්වල ප‍්‍රදේශය ද
ජලයෙන් යට වී තිබුනි. දැරණියගල නගරයේ සීතාවක ගඟ
හරහා ඇති පාළම ද ජලයෙන් යට වී තිබුනි.


මෙහිදී අදහස් දැක්වූ කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් මහින්ද එස්.
වීරසූරිය මහතා, කෑගල්ල දිස්ති‍්‍රක්කයේ වර්ෂාව සමග නායයෑම්
හේතුවෙන් දැඩි අවදානමක් උද්ගත වෙලා තිබෙනවා. තෝලංග
මුව ගස්නාව ප‍්‍රදේශයේ නායයෑමෙන් දෙදෙනකු යටවුණා.
නිවාස තුනකට හානිවෙලා. මේ අය ආරක්ෂිත ස්ථානයකට
යොමු කරන්න උපදෙස් දුන්නා. වරකාපොළ, දැරණියගල,
දෙහි ඕවිට, රුවන්වැල්ල ප‍්‍රාදේශීය කොට්ඨාසවල ජනතාව
පීඩාවට පත්වෙලා. පවුල් 60 ක් අවතැන් වෙලා.

ඒ අය වෙනුවෙන් ඉදිරි ආරක්ෂිත වැඩපිළිවෙළක් ගැනීමට කටයුතු
කරනවා. මේ අතර දැරණියගල, මාලිබොඩ ප‍්‍රදේශයේ පණාකූර
ගම ප‍්‍රදේශයේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් නිවසේ
කොටසක් කැඞී ගොස් තිබෙන අතර කිසිවකුට හානියක් සිදු වී
නොමැත.

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා
නුවරඑළිය - නාලක රත්නායක
ගාල්ල - ලලිත් චාමින්ද සහ
එස්. කේ. කළුආරච්චි
අක්මීමන - කේ. මතිලාල්, හිනිදුම -
රවීන්ද්‍ර චන්ද්‍රලාල්
මහිලාල් පද්මසූරිය - අගලවත්ත
කඩුවෙල - සුගත් පේ‍්‍රමතිලක

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles