Divaina - අබිසරුලියන්ට චැට් කර කමාරයට ගිය නිරෝධට දවල් තරු පෙනෙයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ablic13නිරෝධ කොළඹ ප‍්‍රධානතම පෙළේ පාසලක අපොස උසස් පෙළ පංතියක අධ්‍යාපනය ලබන තරුණ ශිෂ්‍යයෙක්. කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා වසරකට වැඩි කාලයක් පාසල් වහලා දාලා තියෙන නිසා නිරෝධටත් අධ්‍යාපන කටයුතු කරන්න සිද්ධ වුණේ ඔන්ලයින් ක‍්‍රමය හරහායි.
 
 නිරෝධගෙ දෙමාපියො ඒ හැටි වත් පොහොසත්කම් ඇති අය නොවෙයි. ඒ නිසා නිරෝධ අධ්‍යාපන කටයුතු කළේ ආර්ථික දුෂ්කරතා රැසක් මැදයි.
 
 අධ්‍යාපන කටයුතු කරගෙන යන්න දෙමාපියො හතර අතේ ණය වෙලා ස්මාර්ට් ජංගම දුරකථනයකුයි, අන්තර්ජාල පහසුකමකුයි අරගෙන දුන්නා.
 
 නිරෝධ රැ එළිවෙනකල් අන්තර්ජාලයේ සැරිසරන්න පටන්ගත්තා. එයාගෙ අහිංසක දෙමව්පියො හිතුවෙ පුතා ඔන්ලයින් ක‍්‍රමයට ඉගෙන ගන්නවා කියලා.
 
 ඒත් නිරෝධ අන්තර්ජාලය ඔස්සේ නගර සෝභනියොත් එක්ක චැට් කරන්න පටන්ගත්තා. නිරෝධට මේක අලූත් අත්දැකීමක්. එයාගෙ ඉස්කෝලෙ පංතියෙ යාළුවො වැඩි දෙනෙක් මේ වැඬේට ඇබ්බැහිවෙලා තිබුණා.
 
 අන්තිමේදී මේ නගර සෝභනියො වට්ස් ඇප් මාර්ගයෙන් නිරෝධ එක්ක කතාබහ කරන්නත් පටන්ගත්තා. ඒ විතරක් නොවෙයි ඒ අය වීඩියෝ කැමරා ඔස්සේ නිරෝධට අඟපසගත් පෙන්වන්න පටන්ගත්තා. දැන් නිරෝධට පිස්සු හැදිලා. අධ්‍යාපන කටයුතු කරන එක පැත්තක තියලා එයා මේ සුරූපී කාන්තාවො එක්ක අමුතුම ආකාරයක සැපක්ගන්න පටන් ගත්තා.
 
 අනේ කොල්ලෝ මේවා ෆෝන් වලින් කරන්න බෑනෙ. අපිව හම්බවෙන්න ආවොත් ඔයාව අපි දිව්‍ය ලෝකෙ අරිනවා.
 
 රූමත් කාන්තාවන්ගෙ ආදර වචනවලින් පිස්සු වැටිලා හිටිය නිරෝධ ඔවුන්ගෙ ආරාධනය පිළිගත්තා.
 
 හැබැයි ඔයාට නිකං එන්න බැහැ. අපි පැයට 5000 ක් ගන්නවා. සල්ලිත් හොයාගෙනම අපිව බලන්න එන්න.
 
 නගර සෝභනියො නිරෝධට කිව්වා. දැන් කොහෙන්ද සල්ලි හොයන්නෙ. අහිංසක අම්ම තාත්ත ළඟ ශත පහක් නැති බව නිරෝධ හොඳටම දන්නවා. ඒත් අර සුරූපී ලලනාවන්ගෙ ආරාධනය කොහොමටවත් අහක දාන්න බැහැ. නිරෝධ හතර අතේ කල්පනා කළා සල්ලි හොයන ක‍්‍රමයක් ගැන.
 
 අන්තිමේදී ගෙදර අල්මාරියෙ අම්මා හංගලා තිබුණු රුපියල් පන්දාහක් නිරෝධ හොරකම් කළා. අම්මා ඒ සල්ලි තියල තිබුණෙ හදිස්සියකට ප‍්‍රයෝජනයට ගන්න. නිරෝධ මේ සල්ලිත් අරන් කෙළින්ම ගියේ බම්බලපිටිය පැත්තෙ ෆ්ලැට් එකකට.
 
 කොළු පැටියා අපිව හොයාගෙන ආවද අපිත් ආසයි ඔයා වගේ පොඩි කොල්ලෙක් එක්ක විනෝද වෙන්න... සුරූපී කාන්තාවො නිරෝධට කිව්වා. ඒ වෙනකොට නිරෝධ හිටියෙ පියවි සිහියෙන් නොවෙයි. බම්බලපිටියෙ ablick1ෆ්ලැට් එකට ගියාම ඒකෙ සුරුපී තරුණියො දෙන්නෙක් හිටියා. මේ දෙන්න නිරෝධව බොහොම ආදරයෙන් පිළිගත්තා. නිරෝධ ඒ ෆ්ලැට් එක එතුළේ දී ජීවිතේ කිසිදාක නොලබපු අත්දැකීම් සමුදායකට මුහුණ දුන්නා.
 
 ඔන්න අපි ඔයාගෙ හැම ආශාවක්ව ඉෂ්ට කරලා දුන්නා. දැන් ඔයා අපි ගැනත් බලන්න ඕන. කෝ බලන්න අපිට දෙන්න කීයක් ගෙනාවද කියලා.
 
 එක සුරූපිනියක් නිරෝධගෙ කමිස සාක්කුව අතගෑවා. අම්මගෙන් හොරකම් කරගෙන ආව රුපියල් පන්දාහෙ නෝට්ටුව විතරයි ඒ වෙනකොට නිරෝධ සන්තකයටම තිබුණේ.
 
 අපි මෙතන දෙන්නෙක් ඉන්නවා. අඩුම ගානෙ අපට දහදාහක්වත් ඕනෙ. ඒ නිසා කරුණාකරලා අපට සල්ලි දෙන්න. නැත්නම් දන්නවනෙ. අපි හොඳට හොඳයි නරකට නරකයි.
 
 මෙච්චර වෙලා ආදරබස් තෙපළමින් සුරතල් වෙච්ච සුරූපිනියො දෙන්න රාස්සියො දෙන්නෙක් වගේ නිරෝධගෙ ඇඟට කඩා ගෙන පැන්නා.
 
 නිරෝධට හීන් දාඩිය දාලා කරකියා ගන්න දෙයක් නැතුව ගියා. රුපියල් දහදාහක් කොහෙන් හොයන්නද අම්මගෙන් හොරකම් කරපු පන්දාහ විතරයි අතේ තියෙන්නෙ.
 
 මේ අතරෙ අර සුරූපිනියො දෙන්නගෙන් එක් කෙනෙක් පොලිසියට ඇමැතුමක් දෙන්න උත්සාහ කළා. මේ කට්ට කෛයිරාටික අම්මන්ඩිලාගෙ කපටි වැඩ කියලා නිරෝධට තේරුම්ගන්න කිසිම ශක්තියක් තිබුණෙ නෑ. එයා හිතුවේ මේ ගෑනු දෙන්න ඇත්තටම පොලිසියට කෝල් කරලා අල්ලලා දෙන්න හදනවා කියලා.
 
 නිරෝධ බයවෙලා ෆ්ලැට් එකේ කාමරෙන් එළියට පැන්නා දුවන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරි වුණා. ෆ්ලැට් එකේ දෙවැනි මහලෙන් බිමට පැන්නා.
 
 අන්තිමේදී නිරෝධට ඇහැරෙනකොට හිටියෙ රෝහලක ඇඳක් මත. නිරෝධගෙ සුසුම්නාවට හානිවෙලා. හැඟීම්වලට වශීවෙලා අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගෑණු පස්සෙ ගිය නිරෝධට මාස ගාණක් ඇඳටවෙලා ප‍්‍රතිකාර ගන්න සිද්ධ වුණා.
 
 - රණදේව

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles