Divaina - ජීවිතය ගැට ගහගන්න පළා ටිකක් කඩාගන්න යද්දී මැටි වළ මරු වළක්‌ වී අම්මයි දරු දෙන්නයි ගිලගනී

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මීගමුව සමූහ - විමල් කීර්ති

daruපලා වර්ග නෙලා ඒවා විකුණා ආයාසයෙන් පවුල
නඩත්තු කළ මව සහ ඊට සහයවූ කුඩා දරු දෙදෙනා පලා
කැඞීමට ගොස් ජලයෙන් පිරුණු අනාරක්‍ෂිත මැටි පතලක
වැටී දියේ ගිලී මියයෑමේ ශෝචනීය සිද්ධියක් කටාන
අම්බලයාය කෝපිවත්ත ජනපදයෙන් 3 දා වාර්තා විය.
මෙම ශෝචනීය ඉරණමට මුහුණ දී ඇත්තේ කටාන
අම්බලයාය කෝපිවත්ත ජනපදයේ පදිංචිව සිටි ඕවිටිගලගේ
දොන් සුජීවා (42* සහ ඇගේ බාලවයස් දරු
දෙදෙනා වන ඉෂරා දෙව්මිනි (10* සහ සසිඳු
අනුහස් නමැත්තන්ය. මෙම අනතුර කිසිවෙකු දැක
නොමැත. මූලික පොලිස් විමර්ශනවලදී
අනාවරණය වී ඇත්තේ මෙම මව සහ දරු
දෙදෙනා පලා නෙලීම සඳහා සවස 3ට පමණ
ලඳු කැළෑ ප‍්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවත්
රෑ බෝවුණත් ඔවුන් නිවසට ආපසු ගොස් නැති
බවයි.


ඒ පිළිබඳව කලබලයට පත් සිද්ධියෙන් මියගිය
අයවළුන්ගේ ඥාතීන් සහ අසල්වාසීන් ඔවුන් පලා නෙලීමට
ගිය ප‍්‍රදේශයට ගොස් එහිදී පරීක්‍ෂා කිරීමේදී ඔවුන් එම
ප‍්‍රදේශයේ අනවසරයෙන් කැපූ වතුර පිරීගිය
මැටි වළක පාවෙමින් තිබියදී සොයා ගෙන
ඇත.


එම තිදෙනා වහා අකරගම රෝහල වෙත
ගෙන ගියත් ඔවුන් පරීක්‍ෂා කළ වෛμවරයා
ඔවුන් මිය ගිය බව ප‍්‍රකාශ කර තිබේ. මෙම
ප‍්‍රදේශයේ මැටි ගැනීම සඳහා විශාල
මැටිවළවල් නීති විරෝධීව කපා තිබෙන අතර
මැටි කැපීමෙන් පසු එම විශාල මැටිපතල් ගොඩ කිරීමක්
සිදු නොකරේ. පසුගිය දිනවල පැවති ධාරානිපාත වර්ෂාව
හේතුවෙන් එම ප‍්‍රදේශ වතුරෙන් පිරී ඇති අතර කපා
අත්හැර දැමූ මැටි වළවල් වතුර පිරීමෙන් නොපෙනෙන
තත්ත්වයේ ඇත.


මෙම අනාරක්‍ෂිත මැටිවළවල් ප‍්‍රදේශවාසීන්ගේ ජීවිතවලට
දැඩි තර්ජනයක් වීම නිසා එම මැටිවළවල් වසා දමන
ලෙසත් මැටි වළවල් කැපූ අයවළුන්ට එරෙහිව නීතිය ක‍්‍රියා
කරන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලමින් මහජන
විරෝධතා සහ උද්ඝෝෂණ ගණනාවක් පැවතියත් එම නීති
විරෝධී ක‍්‍රියා කළ අයවළුන්ට එරෙහිව මෙතෙක් නීතිය
ක‍්‍රියාත්මක නොවීම ජනතාවගේ අවාසනාවකි. මෙම
මරණයන්හි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ
ඊයේ අකරගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles