Divaina - ක‍්‍රයිම් ඩිග‍්‍රියට ලිවින්ටු ගෙදර් ගිය බිමල් හා අනෝජා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ablick1බිමල් රාජකාරි කළේ පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ විශේෂ ඒකකයක. බිමල්ගෙ බිරිඳ පොලිස් නිලධාරිනියක්. මේ අඹු සැමි යුවළ පදිංචිවෙලා හිටියෙ කඹුරුපිටිය පැත්තෙ ගමක. මේ දෙන්නා කිසිම ප‍්‍රශ්නයක් නැතිව බොහොම ලස්සන පවුල් ජීවිතයක් ගත කළා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයතනයක රැකියාවක් කළ අනෝජා බොහොම සුන්දර රූසපුවක් ඇති හැඩකාර කාන්තාවක්. හමුදා සෙබළෙක් වූ අනෝජගෙ සැමියා රාජකාරි කළේ කොළඹ නගරයේ ප‍්‍රධාන පෙළේ හමුදා කඳවුරක. අනෝජයි බිමලූයි එකිනෙකා දැන හඳුනාගත්තෙ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදියි. ඒ මේ දෙන්නම අපරාධ විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් කරද්දියි.

අනෝජගෙ සුන්දර රූසපුවට බිමල්ගෙ හිත ඇදිල යන්න වැඩි දවසක් ගත වුණේ නැහැ. ඒ වෙනකොට දෙන්නා පාඨමාලාවට අදාළ ප‍්‍රශ්නපත‍්‍ර තොරතුරු හුවමාරු කරගෙන සමීප සම්බන්ධතාවක්  ගොඩනගාගෙන හිටියෙ.

‘‘ඔයා හරි ලස්සනයි. කලින් හම්බ වුණා නම් මං ඔයාව කසාද බඳිනවා....’’

බිමල් අනෝජගෙ දඟකාර ඇස් දෙක දිහා බලාගෙන කිව්වා.

කොහොම කොහොම හරි මේ අනියම් ආදරය බොහෝ දුරගියා. අන්තිමේදී දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි තරමට මේ සම්බන්ධය දුරදිග ගියා.

”අපි දෙන්න වෙනම ගෙයක් අරන් පදිංචිවෙමු. දික්කසාද නොවී අපි ලිවින් ටුගෙදර් ජීවිතයක් ගත කරමු.’’ බිමල් අනෝජට යෝජනා කළා. අනෝජත් ඒ යෝජනාවට එක පයින් කැමති වුණේ ඒ වෙනකොට ඇයටත් බිමල්ගෙන් තොර ලෝකයක් නොතිබූ නිසයි.

අන්තිමේදී මේ දෙන්නා අකුරැුස්ස පැත්තෙන් ගෙයක් කුලියට අරගෙන පදිංචි වුණේ ”ලිවින් ටුගෙදර්” ජීවිතයක් ගත කරන්න හිතාගෙන. ඒවෙනකොට මේ අනියම් සම්බන්ධය ගැන බිමල්ගෙ බිරිඳත් දැනගෙන හිටියා. අනෝජගෙ සැමියා වූ හමුදා සෙබළත් තමුන්ගෙ බිරිඳ නටන නාඩගම් ගැන හැම දෙයක්ම දැනගෙන හිටියෙ. කොහොම කොහොම හරි අනෝජගෙ සැමියත් බිමල්ගෙ බිරිඳත් අතර පුංචි හිතවත්කමක් ගොඩනැගුනෙ තමුන්ගෙ සහකාරිය ගැන තිබුණු ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කරන්න ගියාට පස්සෙයි.

ටික දවසක් යද්දි මේ දෙන්න අතරෙත් පුංචි ආදර කතාවක් ගොඩනැගුණා. දවසක් බිමල්ගෙ බිරිඳ අනෝජගෙ සැමියට දුරකථනයෙන් කතා කරලා තොරතුරක් දුන්නා.

”බිමල් ඊයේ ගෙදරින් ගියා. එයා වැඩට ගිහිල්ලත් නැහැ ෂුවර් එකට අනෝජත් එක්ක ඇති.” මේ කතාව අහලා අනෝජගෙ හමුදා සැමියට හොඳටම කේන්ති

ගියා. හමුදා සෙබළා තමුන්ගෙ හිතවත් තුන්හතර දෙනෙක් එක්ක අකුරැුස්සෙ පිහිටි නිවසක් වටකළා.

? දෙගොඩහරියෙ හමුදා සෙබළයි යාළුවො කට්ටියක් ගෙයි දොරවල් කඩාගෙන ඇතුළු වෙද්දි අනෝජයි බිමලූයි ලිවින් ටුගෙදර් ජීවිතයක් ගතකරමින් සිටියා.

හමුදා සෙබළාගෙ කේන්තිය ඉහවහා ගියා. බිමල්ටයි අනෝජටයි හොඳටම පහර දීල ඔවුන් දෙන්නා ගස් බැන්දා. අන්තිමේදී මේ ප‍්‍රශ්නය අකුරැුස්ස පොලිසිය දක්වා දුරදිග ගියා.

අකුරැුස්ස පොලිසියෙ ඒ වෙනකොට ස්ථානාධිපතිවරයා විදිහට කටයුතු කරමින් හිටියෙ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමලාල් සිල්වා මහතායි.

ඔහු මේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශ්වයේම සාමාජිකයො පොලිසියට කැඳෙව්වෙ කවුද හරි කවුද වැරැුදි කියලා හොයලා සාධාරණයක් ඉෂ්ඨ කරන්න. තම තමන්ගෙ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න දෙපාර්ශ්වයේ සාමාජිකයො ලොකු උත්සාහයක් ගත්ත. ඒත් අන්තිමේදී බලද්දි මේ දෙපාර්ශ්වයම වැරැුදිකාරයො.

ලස්සන පවුල් ජීවිත කඩා ඉහිරුවාගෙන අනියම් සම්බන්ධතා ගොඩනගාගන්න දෙපාර්ශ්වයම කරලා තියෙන්නෙ බරපතළ වරදක් බව පේ‍්‍රමලාල් සිල්වා මහතා පැහැදිලි කරලා දුන්නා.

අන්තිමේදී මේ දෙපාර්ශ්වයම අධිකරණයට ඉදිරිපත් කළා. මහෙස්ත‍්‍රාත්වරයා බිමල්ගෙන් ප‍්‍රශ්න කළා අනෝජගෙ නිවසට රැ දෙගොඩහරියෙ රිංගුවෙ ඇයි කියලා. එතකොට බිමල් කිව්වා ස්වාමිනි මං රැ දොළහට විතර අනෝජ හම්බවෙන්න ආවෙ විශ්වවිද්‍යාල පාඨමාලාවට අදාළ නිබන්ධන කට්ටලයක් ඉල්ලගන්න කියලා. මේක අහලා මහෙස්ත‍්‍රාත්වරයාට විතරක් නෙවෙයි අධිකරණයට රැස්වෙලා හිටිය හැමෝටම හිනාව නතරකර ගන්න බැරිව ගියා.

රණදේව

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles