Divaina - කොන්ක‍්‍රීට් වහල ඇති අයටත් සෙවිලි තහඩු දීලා - ජී. එස්. බී. හාල්යාල - උඩුදුම්බර ප‍්‍රාදේශීය සභාව

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

saviliගම්වල වෙසෙන අහිංසක දුප්පත් ජනතාවට සෙවිලි තහඩු ලබාදීම අගේ කළ යුතුයි. නමුත් එය ලබාදීමේ නිර්නායකයන් පෙනෙන්නට නැහැ. ඒක නිසා ඒවා නියමිත සුදුසු පිරිසට නොලැබී යෑමට ඉඩ තිබෙනවා. අපි දැක්කා කොන්කී‍්‍රට් වහලවල් ඇති අයටත් සෙවිලි තහඩු ලබාදී තිබුණා.

උඩුදුම්බර ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හා හිටපු සභාපති ජී. එස්. බී. හාල්යාල මහතා උඩුදුම්බර ප‍්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැුස්වීම අමතා එසේ පැවසීය.

සභාපති එම්. ඩබ්. මඩුගල්ලේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා මෙම මහ සභා රැුස්වීම එහි ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ඩබ්ලිව්. ඩබ්ලිව්. ගුණරත්න බණ්ඩා මහතා (එ. ජා. ප.)

මෙම සෙවිලි තහඩු නොමිලේ ලබාදීල තිබෙන්නේ එම වසම්වල ග‍්‍රාම නිලධාරි සහතිකය මතයි. මේ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අපි වැය කරලා තිබෙනවා.

උප සභාපති ඇස්. ඇම්. පී. ජී. අජිත් වසන්ත සුභසිංහ මහතා (එ. ජා. ප.)

මෙම සභාවේ වාහන නඩත්තුව හා සර්විස් කිරීම කෙරෙහි කිසිම වගකීමක් එම ආයතන දරන්නේ නැහැ. ඒ අතර ඒවා සේවා කටයුතු වෙනුවෙන් අධික ගාස්තු අයකිරීමක් ද සිදු කරනු ලබනවා. එහෙම වුණත් කලට වේලාවට ලබාදීම සිදු කරන්නේ නැහැ. වාහනවල අමතර කොටස්වල විශාල හිඟයක් හා අධික මිලක් ද දකින්නට තිබෙනවා.

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හා හිටපු උප සභාපති ඩබ්. එම්. කේ. කිත්සිරි බණ්ඩාර විජේකෝන් මහතා (ශී‍්‍ර ල. පො. පෙ.)

හුන්නස්ගිරිය මීමුරේ දක්වා වූ මාර්ගය කාපට් කරලා සකස් කර තිබෙනවා. එහි අලූතින් ලංගම බස් ධාවනයක් ද සිදු කර තිබෙනවා. කයිකාවල විදුහලේ කී‍්‍රඩා පිටියක් කපලා. මෙම සංවර්ධන සියල්ලම සිදු වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත බව අමතක කරන්න බැහැ.

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර එම්. ඩබ්ලිව්. හේමගුප්ත ආනන්ද සාගර මඩුගල්ල මහතා (ශී‍්‍ර ල. පො. පෙ.)

උඩුදුම්බර ගම්වල කොරෝනා රෝගීන්ගේ පී. සී. ආර්. වාර්තාව කඩිනමින් ප‍්‍රාදේශීය ලේකම් වෙත ලබා නොදීමෙන් එම රෝගීන් දැඩි දුෂ්කරතා රාශියක් මැද පදිංචි නිවාස තුළම නිරෝධායනය වීමට සිදු වුණා. මීට වගකිවයුතු නිලධාරීන් මේ ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

සභාපති එම්. ඩබ්. පාලිත බණ්ඩාර මඩුගල්ලේ මහතා (එ. ජ. නි. ස.)

කොරෝනා රෝගීන්ට රජයෙන් නොමිලේ ලබාදෙන වියළි ආහාර මල්ල නොලැබී ගොස් තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් විසින් එම රෝගීන්ගේ පී. සී. ආර්. පරීක්ෂණ වාර්තා ප‍්‍රාදේශීය ලේකම්ට ලබාදීලා නැහැ.

උප සභාපති එස්. එම්. පී. ජී. අජිත් විපුල බණ්ඩාර සුභසිංහ (වසන්ත) (එ. ජා. ප.)

සිය නිවාස තුළට වී නිරෝධායනය වෙමින් සිටින කොරෝනා රෝගීන් ගැන පී. එච්. අයි. මහත්වරුන් එම නිවාසවලට ගොස් සොයා බැලීමක් සිදු කරලා නැහැ.

සභාපති එම්. ඩබ්ලිව්. පාලිත අනුරුද්ධ බණ්ඩාර මඩුගල්ලේ මහතා (එ. ජ. නි. ස.)

උඩදුම්බර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ පවත්වාගෙන ගිය සියලූම පෙර පාසල් කුලිය කපා හැරීමට පියවර ගෙන තිබෙනවා.

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හා හිටපු සභාපති නන්දන

එගොඩවෙලේ (ශී‍්‍ර ල. නි. ස.) ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රනී ආර්. එම්. යූ. ජී. චන්ද්‍රා කුමාරි රත්නායක (එ. ජා. ප.) යන මහත්ම මහත්මීන්හු ද මෙහිදී කතා කළහ.

උඩුදුම්බර - ඇස්. අබ්දුල් අසීස්

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles