Divaina - හන්තානත් විනාශ වන ලකුණු

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p15 4 1ජල යෝජනා ක‍්‍රමයක් බව පවසමින් මහනුවර හන්තාන කඳුවැටියේ අගල් කැපීමකින් කඳු පාමුල ජනතාවට උන්හිටිතැන් අහිමි වීමේ ඛේදවාචකයක් ඇති වී තිබේ.

අගල් කැපීමෙන් ගොඩ කෙරෙන පස් සහ ගල් ද මහා වර්ෂාවට සේදී ගලා බැසීමෙන් සුදුහුම්පොල සහ දෙයියන්වෙල ප‍්‍රදේශවල ජනතාවගේ ගෙවල් දොරවල් සෝදාපාළුවට ලක්වෙමින් පවතියි.

හන්තානේ සිදුවෙමින් පවතින පරිසර හානිය සම්බන්ධයෙන් විරෝධය පළ කරන හන්තාන සුරැුකීමේ සංවිධානයේ ලේකම් අජිත් සේනානායක මහනුවර පොලිසියේ පරිසර ආරක්ෂක අංශයට පැමිණිල්ලක් කර තිබේ.

හන්තාන ආරක්ෂිත කඳුවැටිය කපා කොටා හානි කරන පාර්ශ්වයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස අජිත් සේනානායක මහතා සිය පැමිණිල්ලෙන් ඉල්ලීමක් කර තිබේ. පැමිණිල්ල සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් ගනු ලබන පියවර ගැන විමසිල්ලෙන් සිටින බව අජිත් සේනානායක මහතා පවසයි.

සිරිල් විමලසුරේන්ද්‍ර

 

හන්තාන ජල කඳෙන් පීඩාවට පත් ජනතාවට සහන


මහනුවර හන්තාන කන්දෙන් ගලා බැසුණු ජල කඳෙන් ඉකුත් සිකුරාදා පීඩාවට පත්වූ දෙයියන්වෙල සහ සුදුහුම්පොල වැසියන්ට වියළි ආහාර සහ රුපියල් 10,000 ක සහන දීමනාවක් ලබා දීමට ද මහනුවර දිස්ති‍්‍රක් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබේ. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහාය ඒ සඳහා ලැබී ඇත.

හන්තාන කන්දේ සිට ගලා බසින මහා ජල මාර්ගයක් පිටාර ගැලීමෙන් අලාභ හානි වූ නිවාසවල පදිංචි පවුල් 200 ක් මෙලෙස සහනාධාර ලබන බව දිස්ති‍්‍රක් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසීය.

විපතට පත්වූ පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ද ලබා දෙමින් අලාභ හානි වූ නිවාසවල සුන්බුන් ඉවත් කරදීමට පියවර ගෙන තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විපතට පත්වූවන්ගේ සැප දුක් බැලීම සඳහා පැමිණ සිටියේය.

සිරිල් විමලසුරේන්ද්‍ර

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles