Divaina - කොළඹ වැසියෝ නිකරුණේ රස්තියාදු එපා - අල්ලපු ගෙදරටවත් නොගිහින් ඉන්න - නගරාධිපතිනියගෙන් ඉල්ලීමක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p17 4 1* පරිස්සම් නොවුණොත් කොළඹ නොවේ රටම ඉවරයි

* මහල් නිවාසවල සාද එපා..

*කොළඹට එන අයගෙන්  මුහුණු ආවරණ අනිවාර්්‍යයයි...

‘‘කොළඹ නගර වැසියන්ගෙන් මා ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටින්නේ රැුකියාවට, වෙළෙඳපොලට එහෙමත් නැත්නම් අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට නිකරුණේ අනවශ්‍ය ගමන් බිමන් වල යෙදෙන්න එපා. කොළඹ නගර සීමාවෙනුත් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වෙන නිසා පරිස්සම් වීම ඉතා වැදගත් යැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ඊයේ (03 වැනිද* ‘‘දිවයින” ට පැවසුවාය. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොළඹ නගර සභා සීමාවේ ඇති සියලූම ළමා උද්‍යාන සියල්ලම වසා දැමීමට පියවර ගත් බව ද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතාකළ නගරාධිපතිනිය මෙසේද කියා සිටියේය.

‘‘කොළඹ නගරයේ නිවෙස්වල, මහල් නිවාස සංකීර්ණ වල පදිංචිව වෙලා ඉන්න ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් මේ සති දෙකක කාලය තුළ අනවශ්‍ය ගමන් බිමන් යන්නේ නැතිව ගෙදරටම වෙලා ඉන්න කියලයි.මොකද මේ සති දෙක ඉතා තීරණාත්මකයි.රැුකියාවට, වෙළෙඳපොලට යන අය යන්න ඕනෑ.ඒ අයගෙනුත් මං ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළැඳ, සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන්න කියලයි.ඒ වගේම පිට ප‍්‍රදේශවල ඉඳලා කොළඹ රැුකියා ස්ථානයට එන අයගෙනුත් ඉල්ලා සිටින්නෙ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කරන්න කියලයි.

‘‘ඔබ කොළඹ නගර සීමාවෙි ගමන් කරන කොට හැම වෙලාවෙම ඔබ ඉදිරිපිට හමුවෙන හැම කෙනෙක්ම කොරෝනා ආසාදිතයෙක් කියලා හිතලා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ‘‘දැන් ඔබ රැුකියා ස්ථානයට ගිහිල්ලා වුණත් කෑම එක එකට එකතුවෙලා කන්න එපා.

තමන් ගෙදරින් කෑම එකක් ගෙනාවනම් ඒක තමන් විතරක් කන්න. ‘‘කොළඹ නගරයේ පදිංචි ජනතාව විතරක් නොවෙයි විවිධ රැුකියා කටයුතු සඳහා එන අය අර සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව කටයුතු නොකළොත් කොළඹ විතරක් නොවෙයි මුළු රටම අර ඉන්දියාවට අත්වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වයට මුහුණපාන්න සිදුවේවි. ‘‘ඒ වගේම මහල් නිවාස වල පදිංචි වෙලා ඉන්න ජනතාවට කියන්නෙ එකට ඒකරාශීවෙලා සාද, විනෝද වීමි කරන්න එපාකියලයි.එ ් වගේම මේ වෙලාවේ දරුවන්වත් එළියේ සෙල්ලම් කරන්න යවන්න එපා.හැමකෙනෙක්ම පරිස්සම් වෙන්න. ‘‘දැන් මේ තුන්වැනි රැුල්ල ඉතා භයානක වෛරස් ප‍්‍රභේදයක් කියන එක සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඉවරයිනේ. ඒ නිසා මම කොළඹ නිවාස, මහල් නිවාස වල පදිංචි හැමදෙනාගෙන්ම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා.නිකරුණේ අල්ලපු ගෙදරටවත් යන්න එපා කියලා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles