Divaina - කතක් විස ගසා මරා දැමූ වසර 2ක් වෙස් වලා සිටි කත මාට්ටු

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

hira3456මෙයට වසර දෙකකට පෙර තල්පාවිල වැව ඉහලගොඩදී 84 හැවිරිදි කාන්තාවකට සිරින්ජරයක් මගින් විෂ ද්‍රව්‍යයක් එන්නත් කොට ඝාතනය කර රුපියල් 50,000 ක් වටිනා රන් මාලයක් කොල්ල කා තවත් කාන්තාවකට බලහත්කාරයෙන් විෂ ද්‍රාවණයක් පෙවීමට තැත් කොට පලාගොස් වෙස් වලා සැඟවී සිටි බවට කියන කාන්තාවක් වසර 2 කට පසු මාතර පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන මාතර අතිරේක මහෙස්ත‍්‍රාත් සමන් ඞී. කේ. පරනලියනගේ මහතා වෙත සැකකාරිය ඉදිරිපත් කිරීමෙන් පසු ඇය රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කොට ඇත.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත්තේ පරපාමුල්ල එච්. යූ. නීතා නම් සැකකාරියයි. ඇය විවාහක කාන්තාවක් බවට ද වාර්තා වෙයි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මාතර පොලිසියේ අපරාධ අංශයේ පො.ප. විජේතුංග මහතා අධිකරණය ඉදිරියේ පැවසුවේ 2019.05.31 දින හෝ ආසන්න දිනයකදී මාතර පොලිස් වසමේ තල්පාවිල වැව ඉහලගොඩ දී එච්. බඩල්ගේ කරුණාවතී (84) නම් කාන්තාවට විෂ ද්‍රව්‍යයක් සිරින්ජරයක් මගින් එන්නත් කර ඝාතනය කොට රුපියල් 50,000ක් වටිනා රන් මාලයක් කොල්ල කා රාජපක්‍ෂ ආරච්චිගේ සුමනාවතී නමැත්තියට විෂ ද්‍රව්‍යයක් පෙවීමට උත්සාහ කොට නොහැකිවීම හේතුවෙන් පලාගොස් වසර 2 කට අධික කාලයක් වෙස් වලාගෙන සැඟවී සිට තිබෙන බවයි. පසුව ලද තොරතුරකට අනුව හදිසි වැටලීමකින් සැකකාරිය අත්අඩංගුවට ගත් බවද පරීක්‍ෂණ මෙතෙක් අවසන් නොමැති බවටද පවසා ඇත.

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles