Divaina - මැයි රැළි නැවැත්වූවේ සෞඛ්‍ය බලධාරීන්.... මේක දේශපාලනීකරණය කරගන්න එපා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mayralyමැයි රැලි නොපැවැත්වීම සම්බන්ධව තීරණය කර ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් බවත් එම තීන්දු තීරණ දේශපාලනීකරණය කර නොගතයුතු බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (22 දා* පැවැසීය.
 
 කොරෝනා වෛරසය නැවතත් පැතිරයෑමේ අවදානමක් පවතින බැවින් ඉදිරි සති දෙක තීරණාත්මක බවට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව පැවසූ අගමැතිවරයා ඒ අනුව මැයි රැුලි නොපැවැත්විය යුතු බවට තීරණය කර ඇත්තේ ද සෞඛ්‍ය අංශ මිස ආණ්ඩුව නොවේ යැයි ද සඳහන් කළේය.
 
 මැයි දින සැමරුම් වැළැක්වීමට දරන උත්සාහය ආණ්ඩුවේ සටකපට ක‍්‍රියාවක් බවට විපක්ෂය නඟන චෝදනාව සම්බන්ධයෙන් කළ විමසුමකදී අගමැතිවරයා මේ බව කීවේය.
 
 ‘කොවිඞ්-19’ වසංගතයේ තෙවැනි රැුල්ලකට ලෝකය මුහුණ දී තිබෙන බවත්, අසල්වැසි ඉන්දියාව පවා මේ වන විට බරපතළ කොවිඞ් අවදානමකට මුහුණපා සිටින බවත් පැවසූ අගමැතිවරයා එවන් තීරණාත්මක අවස්ථාවක රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ දෙනු ලබන තීන්දු තීරණ දේශපාලන කෝණයෙන් නොබලා ජනතාව ගැන සිතා පිළිගතයුතු බවත් පැවැසීය.
 
 අප රට මෙම ව්‍යසනය යම් දුරකට පාලනය කර ඇති අවස්ථාවක නැවතත් එවැනි අවදානමක් ඇතිවුවහොත් විපක්ෂය නැවත චෝදනා කරන්නෙත් ආණ්ඩුවටම බව ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 අනුර බාලසූරිය

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles