Divaina - පයාගල ක්‍රිකට්‌ පොකුර 28 දක්‌වා නගී

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cricketpokuraපයාගල ප‍්‍රදේශයේ පැවැති කි‍්‍රකට් තරගාවලියකට සම්බන්ධව ගොඩනැ`ගුණු නව කොරෝනා පොකුරේ ඊයේ (22* වනවිට රෝගීන් 28 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කරයි.
 
 ඒ පොතුවිල වේරගල ප‍්‍රාදේශීය රෝගීන් 19 දෙනකු හා හල්කඳවිල ප‍්‍රදේශයෙන් රෝගීන් 09 දෙනකු වශයෙනි.
 
 රෝගීන් හඳුනා ගැනීම සඳහා ඉකුත් 19 වැනිදා සිදු කළ පීසීඅර් පරීක්‍ෂණ 235 අතරින් රෝගීන් 11 දෙනෙකුද ඉකුත් 20 වැනිදා සිදු කළ පී සී ආර් පරීක්‍ෂණ 114 අතරින් 09 දෙනෙකුද හඳුනා ගෙන ඇත. ඉකුත් 21 වැනිදා සිදු කළ පීසීආර් පරීක්‍ෂණ 115 ප‍්‍රතිඵල ඊයේ (22* දහවල් වනතුරුත් ලැබී නොතිබුණි.
 
 හඳුනා ගත් රෝගීන් කොරෝනා රෝගීන් සඳහා වෙන් කළ රෝහල් වෙත යවා ඇති අතර ඔවුන්ගේ ආශි‍්‍රතයින් විශාල පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක් කර තිබේ. කළුතර ජාතික සෞඛ්‍ය විiායතනයේ අධ්‍යක්‍ෂ වෛi කුමාර කළුබෝවිල මහතාගේ අධීක්‍ෂණයෙන් යුතුව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුරංග, කළුතර ජාතික සෞඛ්‍ය විiායතනයේ ප‍්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. ජී. සිංහබාහු, බේරුවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මුදිත අමරසිංහ, පොතුවිල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සම්පත් විජේරත්න, හල්කඳවිල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩබ්ලිව්. ඞී. එල්. උමේෂ යන මහත්වරු රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටිති.
 
 විජයසිරි - විiාසේකර කළුතර සමූහ

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles