Divaina - 'සුජය පොත් පාලම'ට බදුල්ල නගර සභාව ගොඩවෙයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p22 3පුස්තකාල නොමැති රජයේ පාසල්වල ඉගෙනුම ලබමින් සිටින දරුවන් සඳහා පුස්තකාල 100 ක් ආරම්භ කිරීමට අවශ්‍ය පොත් ලබාදීමේ ව්‍යාපෘතියක් ‘සුජය’ ශිෂ්‍යත්ව පුවත්පත සහ කැන්ඩොස් චොක්ලට් සමාගම ආරම්භ කර තිබේ.

‘සුජය පොත් පාලම’ ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘතිය සුජය ළමා පුවත්පතට වසර 14 ක් පිරීම නිමිතිකොට සිදු කෙරේ. බදුල්ල මහ නගර සභාව විසින් පාලනය කරන සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයද මෙම මහඟු වැඩසටහනට දායක වෙමින් පෙරේදා (20 දා)  නාගරික කොමසාරිස් ලක්මිණී අමරසේකර මහත්මිය අතින් කැන්ඩෝස් චොක්ලට් සමාගමේ ඌව පළාත් සහකාර අලෙවි කළමනාකරු ගාමිණී අබේසිංහ මහතා වෙත පොත් තොගයක් පරිත්‍යාග කළ අවස්ථාව ඡුායාරූපයේ දැක්වේ.

මෙම අවස්ථාවට සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයේ ප‍්‍රධාන පුස්තකාලාධිපතිනි ටී. ජී. ආර්. රංජනී, පුස්තකාලාධිපතිනියන් වන ගංගා හේරත්, හර්ෂි චන්දිමා, නිලූකා වීරසිංහ යන මහත්මීන්ද එක්ව සිටියහ.

බදුල්ල - එච්. එම්. සමරකෝන් බණ්ඩාර
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles