Divaina - මනම්පිටියේදී දුම්රියක ගැටුණු වන අලියා අසාධ්‍ය තත්ත්වයේ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ele2පොළොන්නරුව මනම්පිටිය පාලම ප‍්‍රදේශයේ දී 16දා දුම්රියේ ගැටී දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වන අලියා 17දා උදෑසන මරුමුවට පත්ව ඇතැයි මනම්පිටිය බීට්ටු වන ජීවී කාර්යාලය පවසයි.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියට අලූ‍යම පහයි හතලිස් පහට පමණ මෙම වන අලියා මනංපිටිය ප‍්‍රදේශයේ දී ගැටී ඇති අතර ජල ගැලූ‍ම් නිම්න රක්ෂිතයේ ජීවත් වූ මෙම සද්දන්තයා පරිසරයට අහිමි වූ තවත් ස්වභාවික සම්පතකි. වයස අවුරුදු 12 ත් 15 ත් අතර පසුවන උස අඩි හයක් පමණ වන මෙම සද්දන්තයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ දහවල් ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කළ අතර මනම්පිටිය බීට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් දුම්රියේ ගැටී අසාධ්‍ය තත්ත්වයෙන් මියගිය වන අලියාගේ තුවාල සිදු වූ ස්ථාන කැමරාවට පෙන්වන අයුරු.

රොෂාන් තුෂාර තෙන්නකෝන් අරලගංවිල

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles