Divaina - 5000 ගන්න ඇවිත් අග්බෝවේ සමෘද්ධි නිලධාරිටත් ගහලා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

attack1අලව්ව සමෘද්ධි බැංකු සංගමයට අයත් අග්බෝව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරියාට 15 දා සවස පුද්ගලයකු පහරදීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව අලව්ව පොලිසිය කියයි.

අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගෙන රජය මගින් ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාව අග්බෝව වසමේ ප‍්‍රතිලාභීන් අතර බෙදාදෙමින් සිටියදී මෙම පහරදීම සිදු කර තිබේ.

අග්බෝව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී සමන් අධිකාරි මෙසේ පහර කෑමට ලක්ව අලව්ව ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මෙම සිද්ධිය පිළිබ`ද සොයා බැලීම ස`දහා සමෘද්ධි ගෘහ ආර්ථික ස්වයං රැුකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හා සමස්ත ලංකා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්.යූ.එම්. ජෝතියරත්න යන මහත්වරුන් අලව්ව ප‍්‍රාදේශීය රෝහලට පැමිණ සමෘද්ධි නිලධාරියාගේ සුවදුක් විමසා බැලීය.

සමෘද්ධි සංවර්ධන නිලධාරීට පහර දුන් අග්බෝව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා 16 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 19 දා දක්වා බන්ධනාගාර ගත කර ඇති බව අලව්ව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එච්. ජයතිලක මහතා පැවැසීය.

බෝයවලාන ජයන්ත කුමාර දිසානායක

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles