Divaina - හමුදා සෙබළුන දෙදෙනකු යටකරගෙන පළාගිය කැබ්රිය බෝක්කුවක වැදී නවතී - කැබ්රියේ අනවසර බුරුත කදන් 16ක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ele3නීති විරෝධී දැව තොගයක් පටවාගෙන ගිය කැබ් රථයක් 17 දා වවුනියාව ඕමන්ත ප‍්‍රදේශයේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී එහි රියැදුරා හමුදා මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුද හප්පා පළා යමින් සිටියදී එය අනතුරකට ලක්ව තිබේ.

කැබ් රථයේ ගැටුණු යුද හමුදා සෙබළුන් දෙදෙනා තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

එම කැබ් රථයේ අනවසරයෙන් කපන ලද බුරුත ක`දන් 16 ක් තිබී ඇති අතර ඒවා යුද හමුදාවට කොටුවේ යැයි බිය නිසා රියැදුරා හමුදා සෙබළුන් දෙදෙනා හප්පා පළා ගොස් තිබේ.

කැබ් රථය හමුදා මාර්ග බාධකයේද ගැටීම නිසා මාර්ග බාධකයටද හානි සිදුව තිබේ.

හමුදා සෙබළුන් දෙදෙනා කැබ් රථයේ හප්පා එය අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී කැබ් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක වැදී අනතුරකට ලක් වීමෙන් පසුව නතර වී තිබේ.

කැබ් රථය පැදවූ පුද්ගලයා රිය එම ස්ථානයේම දමා පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා යුද හමුදාව හා ඕමන්ත පොලීසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles