Divaina - ඔක්‌සිජන් ලබා දෙන්නේ ගහකොළවලින් ඊට වනගහනය අවශ්‍යයි.... පරිසර ඇමැති මහින්ද අමරවීර

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අනුර බාලසූරිය

 

rukropana
 
 පරිසරය පිළිබඳ සත්‍ය තොරතුරු වාර්තා කළ හැම අවස්ථාවකදීම ඒ ගැන සොයා බැලීමට කටයුතු කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
 
 ඒ මහතා මේ බව කියා සිටියේ උපාලි පුවත්පත් සමාගමේ සේවකයින් සඳහා පැළ ලබාදීම වෙනුවෙන් උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (08 දා* පැවැති උත්සවයකට එක්වෙමිනි. වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
 
 පරිසරය ආරක්‍ෂා කිරීමේ වැඩසටහන් ගණනාවක් ආරම්භ කළා. රජයෙන් ලැබෙන මුදල් වියදම් කරන්නේ කෙසේද කියා බලනවාට වඩා අපිට ව්‍යාපෘති හදලා ක‍්‍රියාත්මක කරන්න මුදල් සොයාගත යුතුයි කියා මම සිතුවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ‘‘හුස්ම දෙනතුරු’’ කියන වැඩසටහන ආරම්භ කළා. අපි සැලසුම් කළේ අපේ පාලන කාලය තුළ පැළ මිලියන දෙකක් රෝපණය කිරීමටයි.
 
 මේ සඳහා ආණ්ඩුවේ මුදල්
 
 ගැනීමට බලාපොරොත්තුවක් නැහැ. පරිසරයට ආදරය කරන ව්‍යාපාරික ප‍්‍රජාවගේ, කර්මාන්තකරුවන්ගේ උදව්වෙන් මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කර දැනටමත් පැළ එක්ලක්‍ෂ හත්දහසකට වැඩි ප‍්‍රමාණයක් රෝපණය කර තිබෙනවා. මේ සඳහා සත පහක්වත් රජයේ මුදල් භාවිතා කරලා නැහැ.
 
 එම වැඩපිළිවෙළේ තවත් එකක් විදියට සොබාව කියන වැඩපිළිවෙළ රුවන්වැලි සෑ නායක හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළා.
 
 ඒ වගේම පාසල් තුළ මේ වැඩපිළිවෙළ ආරම්භ කළා. ආගමික මධ්‍යස්ථානවල ඔසු උයන් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර මේ වනවිට විහාරස්ථාන 98 ක් මුල්කරගෙන එය ක‍්‍රියාත්මක කර තිබෙනවා. ඉතා වේගයෙන් එම ඉලක්කය කරා ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
 
 මෙවර සිංහල අලූත් අවුරුද්දට හොඳ නැකතක් කාලයකින් උදාවන බව නැකත්කරුවන් ප‍්‍රකාශ කර තිබුණා. එම නැකතට පැළයක් රෝපණය කිරීම සුදුසු නිසා එළඹෙන 16 වැනිදා උදේ 6.40 ට නැගෙනහිර බලා තිබෙන නැකතට පැළයක් රෝපණය කිරීමට කටයුතු කරන්න. ලංකාවේ පවුල් ලක්‍ෂ 53 කට වැඩියි. අපි උත්සාහයක් දරනවා ඉන් ලක්‍ෂ 30 කට පැළ ලබාදී රෝපණය කිරීමට.
 
 එක් පුද්ගලයකුට දිනකට ඔක්සිජන් ලීටර් 550 ක් අවශ්‍ය වෙනවා. ඔක්සිජන් ලබාදෙන්නේ ගහ කොළවලින්. ඊට වන ගහනය අවශ්‍යයි. මාධ්‍ය මගින් පරිසරය පිළිබඳ පුවත් වාර්තා වෙනවා. සත්‍ය තොරතුරු පළවන හැම අවස්ථාවකම ඒ පිළිබඳව අපි මැදිහත් වෙනවා. ‘‘දිවයින’’ පුවත්පත
 
 මගින් යම් තොරතුරක් හෙළි කළහොත් අපි අනිවාර්යෙන්ම ඊට මැදිහත්වෙලා කටයුතු කරනවා.
 
 දිවයින පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්තියක් අනුව ඒ පිළිබඳව සොයා බලා ප‍්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු කණ්ඩායමකට නඩු පවරා තිබෙනවා. ඒ වගේ අපට තොරතුරක් ලැබුණු විගස ඊට මැදිහත්ව අපි ඒ අයට තරාතිරම, දේශපාලන හයිය බලවත්කම් මේ කිසිවක් නොබලා ඒ අයට එරෙහිව කටයුතු කර තිබෙනවා.
 
 දිවයින පුවත්පත ඉතා වගකීමෙන් කටයුතු කරන පුවත්පතක් බව අපි දන්නවා. ඉදිරියටත් දිවයින පුවත්පතේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සුරකිමු ගංගා වැඩසටහන පසුගියදා කතරගම මැණික් ගෙඟන් ආරම්භ කළා. ලංකාවේ තිබෙන ගංගා 103 ම අපිරිසිදු වෙලා තිබෙන්නේ. එදා අපි කුඩා කාලයේ ග`ගකින් ඕනම ස්ථානයකින් නෑමට බීමට හැකියාව තිබුණා. නමුත් අද ගංගා අපිරිසිදු වෙලා. දැන් අපි මේ ගංගා පිරිසිදු කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබෙනවා. අපේ අවසාන ඉලක්කය මේ ගංගා 103 ම පිරිසිදු කිරීමයි. කැලණි ග`ග අවට දස දහස් ගණනක් කර්මාන්ත තිබෙනවා. ඉන් වැඩි ප‍්‍රමාණයක අපද්‍රව්‍ය කැලණි ග`ගට බැහැර කරනවා. මේවා නතර කිරීමටයි සුරකිමු ගංගා වැඩසටහන අපි ආරම්භ කර තිබෙන්නේ. අවසානයේ මුහුදට පොලිතින්, ප්ලාස්ටික් එකතු නොවන විදිහට ග`ග දෙපස වන වගා වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.
 
 කතරගම පූජා වට්ටියට මෙතෙක් තැබූ පොලිතීන් මල් මාලා වෙනුවට ස්වභාවික හා කඩදාසි මල් මාලා සෑදීම කෙරෙනවා. ඒවායේ නියුතු පිරිස් දැනුවත් කර ඒ සඳහා යොමුකර තිබෙනවා.
 
 දිවයින විශේෂාංග සහ පරිසර කර්තෘ ජගත් කණහැරආරච්චි මහතා - පරිසරය පිළිබඳව විශාල වශයෙන් කතාබහ වන කාලයක් බවට වර්තමාන යුගය පත්ව තිබෙනවා. පරිසර සංරක්‍ෂණ පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා. අප රටේත් පරිසර ප‍්‍රශ්න පිළිබඳව බහුලව කතාකරන කාලයක් බවට වර්තමානය පත්ව තිබෙනවා.
 
 දිවයින පුවත්පත හැමදාමත් රට, ජාතිය, ආගම වෙනුවෙන් නිරන්තරයෙන් කතාබහ කරමින් ජාතික මෙහෙවරක් ඉටු කරනවා. ඊට සමගාමීව පරිසර සංරක්‍ෂණයේ වැදගත්කම, වනසතුන් ගහකොළ ආදිය ආරක්‍ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ජාතික වගකීමක් ලෙස සලකාගෙනයි අප පුවත්පත සිය  වගකීම ඉටුකරනු ලබන්නේ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles