Divaina - මත්ලෝලියා අවුරුදු 5ක දැරිය බියගන්වා මාලය ගලවාගෙන

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 
 biyaganwaමිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප‍්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී අවුරුදු 05 ක් වයසැති දැරියක් බියකර එම දැරියගේ ගෙල බැඳි රුපියල් 15,000 ක් වටිනා රන් මාලය කොල්ලකෑම සහ නිවස තුළ තිබූ රුපියල් 62,500 ක්
 
 වටිනා ජංගම දුරකථන 02 ක් සොරාගත් සැකකරු රිමාන්ඞ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් ඉන්දිකා රත්නායක මහත්මිය නියම කළාය.
 
 හොරම්පැල්ල,
 
 මොරගොල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ සුපුන් මධුෂාන් නමැති සැකකරු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරිණි. හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින සැකකරු හෙරොයින් පානයට මුදල් සොයාගැනීම සඳහා මංකොල්ලයක් හෝ සොරකමක් සිදු කිරීමේ අරමුණෙන් යමින් සිටියදී දැරිය නිවස ඉදිරිපිට සිටිනු දැක දැරියගේ දෙඅත් පිටුපසට ගෙන බියකර රන් මාලය කොල්ලකා ඇති බවත් පසුව නිවසේ කිසිවකුත් නොමැති බවට දැරියගෙන් දැනගෙන නිවස තුළ තිබූ ජංගම දුරකථන දෙකක්ද සොරාගෙන ගොස් ඇති බව ද අධිකරණයේදී සඳහන් විය.
 
 සිද්ධිය වු අවස්ථාවේ දැරියගේ පියා රැුකියාවට ගොස් ඇති බවත් මව අසල්වැසි නිවසකට ගොස් සිට ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය. සැකකරු සොරාගත් ජංගම දුරකථන දෙක සැකකරුගේ නිවසේ තිබියදී සොයාගත් බවත්, කොල්ලකන ලද රන් මාලය මිනුවන්ගොඩ නගරයේ පිහිටි මූල්‍ය ආයතනයකට උකස් කර තිබියදී සොයා ගත් බව පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ පැවසූ මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් (38098* නිලධාරියා සැකකරු රන්මාලය උකස් කර ලබා ගත් මුදල් හෙරොයින් පානය සඳහා වියදම් කර ඇති බව අධිකරණය හමුවේ පැවසීය.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles