Divaina - පොලිසිය නොමඟ යැවූ මත්ලෝලියාට වැඩ වරදී

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ සහ නෙවිල් පතිරණ
 
 prison135නිවසේ තිබූ තම යතුරුපැදිය සොරාගෙන ගොස් ඇති බවට බොරු පැමිණිල්ලක් කොට පොලිසිය නොමඟ යැවීමට තැත්කළ පුද්ගලයකු වේයන්ගොඩ  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 බලබෝව, දෙවලපොල පදිංවි තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින තරුණයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
 
 මත්ද්‍රව්‍යවලින් දැඩි ලෙස මත්ව නිවසේ සිට යතුරුපැදියෙන් බලබෝව වෙළෙඳ සැලකට පැමිණ ඇති මොහු එහිදී තවදුරටත් මත්ද්‍රව්‍යවලින් සප්පායම්ව යතුරුපැදිය එහි දමා පා ගමනින් ආපසු ගිය බවත්, යතුරුපැදිය රැුගෙන යෑමට නොපැමිණි බවත් සිද්ධිය සියැසින් දුටු යතුරුපැදිය දමා ගිය ස්ථානයේ නිවසක පදිංචි කාන්තාවන් විසින් සැකකරුගේ පැමිණිල්ල විභාග කළ පොලිසියට පැවසීමෙන් අනතුරුව සැකකරු සමග යතුරුපැදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
 වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. චන්න වෑත්තෑව මහතාගේ  උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. සුනිල් පේ‍්‍රමරත්න මහතා මේ සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

 


 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles