Divaina - මිතුරාට මන්නා පහරදුන් මිතුරාගේ අපූරු උත්තරේ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

තිරප්පනේ - සමන් පෙරේරා

mannapahara
 
 ගල්කුලම, කුඩාවැව ග‍්‍රාමයේ මිතුරන් දෙදෙනකු එකට මත්පැන් පානය කර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් මිතුරෙකු අනෙක් අනෙක් මිතුරාට මන්නා පිහියකින් පහර දී බරපතළ කැපුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව තිරප්පනේ පොලිසිය පැවසීය.
 
 මෙලෙස මන්නා පිහියෙන් පහර දී ඇත්තේ ගල්කුලම කරුවලගස්වැව ප‍්‍රදේශයේ පදිංචි පනස් තුන් හැවිරිදි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීයකු බවද පොලිසිය කීය. ඔහු තිරප්පනේ පොලිසිය මගින් පෙරේදා දින අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 6 වැනිදා රාත‍්‍රී 11 .00 ට පමණ මෙම පහරදීම සිදු කර ඇත. පහරදීමෙන් බරපතළ කැපුම් තුවාල ලබා ඇත්තේ ගල්කුලම කුඩාවැව පදිංචි සිරිසේනලාගේ එරංග මිගාර අනුරුද්ධ නැමති තිස් හත් හැවිරිදි විවාහක අයෙකු බව පොලිසිය පැවසීය. පහරදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ ඔහු 1990 සුවසැරිය ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ අධික ලෙස බීමත්ව සිටි නිසා තමන් කළ කී දේ ගැන හරියාකාර මතකයක් නොමැති බවයි. සැකකරු ඊයේ (08 දා* අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අයි. බණ්ඩාර රත්නායක මහතාගේ
 
 මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles