Divaina - මල් කැකුළට විනකළ දෙදෙනා පොලිසියේ කූරු ගනී

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

තිරප්පනේ - සමන් පෙරේරා
 
athagalaවයස අවුරුදු දහතුනක දියණියකට අවුරුදු දාහතක තරුණයකු විසින් අපයෝජනය කිරීම හා රාත‍්‍රී නින්දේ දී තිස් නව හැවිරිදි සුළු පියා විසින් දියණියගේ උදරය අතගෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය පැවසීය.
 
 දියණියගේ මව විදේශගතව සිටින අතරතුර 2020 වර්ෂයේ දී කිසියම් තරුණයකු සමග ආදර සබඳතාවක් ඇති කරගෙන ඇත. එක්තරා දිනෙක මෙම බාල වයස්කාර දැරිය කැලෑ බද ප‍්‍රදේශයකට කැඳවා එම තරුණයා විසින් අපයෝජනය කර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය කර ගත් බව පොලිසිය කියයි. ඒ අනුව එම තරුණයා පෙරේදා (07* දිනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 පසුව සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී දියණියගේ සුළු පියා විසින් ද දිනක් රාත‍්‍රී කාලයේ නිදා සිටිය දී තම කාමරයට ඇතුළු වී උදරය අතගෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුළු පියා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ඊයේ (08 දා* අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අයි. බණ්ඩාර රත්නායක මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශනසිදු කරයි.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles