Divaina - මුහුණු පොතේ අසැබි දැන්වීම් දමා විවාහක ගැහැණු සහ පිරිමි සමග සබඳතා පැවැත්වූ විධායක නිලධාරියාට ඇප

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මීගමුව සමූහ - විමල් කීර්ති
 
facebookමුහුණු පොතේ අසැබි දැන්වීම් වරින්වර පළකර විවාහක කතුන් සහ විවාහක පිරිමින් රැසක් සම`ග සබඳතා පවත්වා රිමාන්ඞ් භාරයේ පසු වූ විධායක නිලධාරියකු දැඩි ඇප කොන්දේසි මත රිමාන්ඞ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එස්. එල්. මහවත්ත මහත්මිය ඊයේ (7දා* නියෝග කළාය. සැකකරුට ලක්‍ෂ 4 ක ශරීර ඇප නියම විය.
 
 අයාලයේ ගොස් පුද්ගලයන් වරදට පෙළඹවා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසු වී ඇප නියම වූ සැකකරු මීගමුවේ ප‍්‍රධාන පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන 45 හැවිරිදි කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
 විවාහක කතුන්ට සහ විවාහක පිරිමින්ට ආරාධනා රැසක් මුහුණු පොතේ පළවීම සැලකිල්ලට ගත් මීගමුව දිස්ත‍්‍රික් අපරාධ කොට්ඨාස ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා මෙහි විමර්ශන කටයුතු සඳහා යොමු කර තිබුණේ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා විසිනි.
 
 සමාජ ජාලයේ මුහුණු පොතින් පළ වූ දැන්වීම අනුව එහි සඳහන් කළ දුරකථන අංකයට පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා විසින් කතා කර ඇත. එහිදී විවාහක යුවළකගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවශ්‍ය බව පොලිස් පරීක්‍ෂකවරයා සැකකරුට දන්වා ඇත. එහිදී අදාළ යුවළට සැකකරු හමුවිය හැකි දිනය වේලාව සහ ස්ථානය පිළිබඳව දැනුම්දී තිබේ.
 
 එම දැනුම් දීම අනුව විවාහක යුවළක් ලෙස සැරසුණ පොලිස් නිලධාරියෙකු සහ පොලිස් කොස්තාපල්වරියක් සැකකරු හමුවීමට යවා ඇත. පෙරකළ දැනුම්දීම අනුව සැකකරු මීගමුව කුරණ මීගමුව කොළඹ ප‍්‍රධාන මාර්ගය අසල පිහිටි ප‍්‍රධාන භෝජන ශාලාවක් අසල රැුඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම වැටලීම් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක, පොලිස් පරීක්‍ෂණ ඉන්දික, කාන්තා පොලිස් කොස්තාපල් රම්‍යා යන නිලධාරින් සහභාගි වූහ. අධිකරණයේදී විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වත්සලා උළුවඩුගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ කරුණු මත සැකකරුට ඇප නියම විය. මීගමුව පොලිසියේ සැරයන් (53883* නවත්ත බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය විය. වැඩිදුර විභාගය මැයි 16 වැනි දින පැවැත්වේ.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles