Divaina - ගිනි නිවන කඬේ ගිනි තියලා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නුවරඑළිය - නාලක රත්නායක

 

ginithiyala444
 
 නුවරඑළිය නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් කිසියම් පිරිසක් විසින් ඊයේ (07 දා* අලූයම ගිනි තැබීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව නුවරඑළිය පොලිස් ස්ථානයේ ප‍්‍ර.පො.ප. චන්දන විජේසිංහ මහතා පැවසීය.
 
 නුවරඑළිය, යුනික්විව් පාරේ රණසිංහ මාවතේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයට ගිනි තැබීම හේතුවෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ එක් කාමරයක් ගිනිගෙන විනාශ වී ඇති බවත්, එම කාමරයේ නිදාගෙන සිටි සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කරන කාන්තාවක් තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසීය.
 
 ඊයේ අලූයම 1.20 ට පමණ සේවිකාව රැඳී සිටි කාමරය දෙසින් ගින්න හටගත් බවත්, පැතිර යමින් තිබූ ගින්න නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව පාලනය කර ඇත.
 
 නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයකුට අයත් එම සම්බාහන මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් ගිනි තබන්නට ඇති බවත්, මෙය සැලසුම් සහගතව සිදුකළ ගිනි තැබීමක් බවට සැකකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය කියා සිටී.
 
 ගිනි තැබීමෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles