Divaina - අනුරාධපුර හා වව්නියාවේ ප‍්‍රදේශ රැසකට දැඩි උෂ්ණත්වයක්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මැදවච්චිය - ගයාන්
 
anuradapuraමේ දිනවල උතුරුමැද පළාතේ සහ උතුරු පළාතේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රිකයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව, කහටගස්දිගිලිය, හොරොව්පොතන, විලච්චිය යන ප‍්‍රදේශ සහ උතුරු පළාතේ වව්නියාව ප‍්‍රදේශයේ උෂ්ණත්වය සීග‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
 
 ඒ අනුව පසුගියදා (06 දා) දහවල් වන විට මැදවච්චිය නගරයේ පැවති උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 37 ක් වන විට කැබිතිගොල්ලෑව සහ වව්නියාව නගරවල උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 36 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මීට පෙර වව්නියාව නගරයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 32 ක් පමණ වන විට මැදවච්චිය සහ කැබිතිගොල්ලෑව නගරවල උපරිම උෂණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක  30 ත් 31ත්් අතර පැවතුණි. මෙම හේතුව නිසා මෙම ප‍්‍රදේශවල සිටින ගොවි ජනතාව මේ දිනවල දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇත. මැදවච්චිය ඇතුලූ මෙම ප‍්‍රදේශවල මේ වන විට ගොයම් සහ බඩඉඟුරු අස්වැන්න නෙළමින් සිටී.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles