Divaina - සතුන්ගේ ශරීර කොටස් ළඟ තබාගෙන 480,000ක් දඩ කාලා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 
sathwakotasආරක්‍ෂිත සතකුවන කොටියකුගේ දත් 3 ක් ඇතුළු සත්ත්ව වර්ග 7කට අයත් සත්ත්ව කොටස් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් හාරලක්‍ෂ අසූදහසක දඩයක් අත්තනගල්ල අංක 2 මහෙස්ත‍්‍රාත් තරංගා රාජපක්‍ෂ මහත්මිය 29වැනිදා නියම කළාය.
 
 නිට්ටඹුව තිහාරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඞ් රහුමාන් රස්මි නමැති ව්‍යාපාරික විත්තිකරුවකුට මෙසේ දඩ නියම කෙරිණි. කොටි දත් 3 ක්, වල් ඌරෙකුගේ දතක්, ඇත්දළ කොටසකින් නිර්මාණය කළ කොටි දතක් ගෝනකුගේ අඟක කොටස් 2 ක් තිත් මුවකුගේ අඟක කොටස් 2 ක්, ලංකා සිතියම් බෙල්ලෙකුගේ සහ කවඩි බෙල්ලෙකුගේ කොටස් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මුතුරාජවෙල වනජීවී කාර්යාලය මගින් විත්තිකරුට විරුද්ධව නඩු පවරා තිබුණි. ඉහත සත්ත්ව කොටස් සමග සැකකරුව පස්යාල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මුතුරාජවෙල වනජිවී අඩවි සහකාර නිලධාරීන්වන බුද්ධික අතුකෝරල සහ එරංග විශාක යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ පැවැසූහ.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles