Divaina - පාසලේදී සිදුවූ කෙණහිලිකම් නිසා හිස හැරුණ අතේ ගියාලු ... අතුරුදන්වූ සිසුවිය නිවසකින් හමුවේ...

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 නෙළුව සිරිසේන ගමගේ
 
  giralකෝරලේගම ප‍්‍රදේශයෙන් අතුරුදන් වූ පාසල් සිසුවිය 01 දා රාත‍්‍රී උඩුගම අලූත්වත්ත ප‍්‍රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇතැයි වාර්තාවේ.
 
 මෙම සිසුවිය පාසලේදී සිදුවූ අභූත චෝදනාව හේතුවෙන් දැඩි සේ කම්පාවට පත්ව ඇති අතර ඇය එම හේතුව නිසා නිවසට යෑමටත් පාසල් යෑමටත් මැලිව මාස කිහිපයකට පෙරදී හඳුනාගත් තරුණයකු වෙත නිවස වෙත යන්නට නොහැකි බව දන්වා අනතුරුව ඥාති නිවසකට ගොස් පසු දින තරුණයාගේ නිවසට ගොස් ඇති අතර තරුණයාගේ මවු පියන් සිසුවියගේ මව වෙත දන්වා රාතී‍්‍ර පොලිසියට දැන්වීමෙන් අනතුරුව මේ වනවිට උඩුගම පොලිසිය ඇයගෙන් ප‍්‍රශ්න කරමින් සිටී.
 
 ඇයට පාසලේදී සිදුවූ කෙනහිලිකම් නිසා හිස හැරුණ අතේ යන්නට තීරණය කරන්නට ඇතැයි සිය මව හඬා වැළපෙමින් අප සමග පැවසුවාය. උඩුගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භකර ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles