Divaina - හික්කඩුවේ ෆේස්බුක් සාදය වටලයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p17 1දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ලද තොරතුරකට අනුව ඊයේ (27* දා රාති‍්‍ර හික්කඩුව ප‍්‍රදේශයේ පැවති නිතී විරෝධී ෆේස්බුක් සාදයක් වටලා එය සංවිධානය කළ පුද්ගලයා සමඟ රුපියල් ලක්‍ෂ 5 ක් පමණ වටිනා විදේශීය මත්පැන් ලීටර් 60 කට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අදාළ සැකකරු සමාජ ජාලා මාධ්‍ය උපයෝගී කරගෙන මෙම සාදය සංවිධානය කර ඇති බවත් එම ඒකකය පවසයි.

මෙම වැටලීම දකුණු පළාත් සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි සහ ගාල්ල සුරාබදු අධිකාරි එම්. ඞී. පී. සුනිල් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන සුරා බදු පරීක්‍ෂක ධීර ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකළ අතර ඒ සඳහා සුරාබදු පරීක්‍ෂකවරුන් වන චන්න කුමාර, ලක්ෂාන් පෙරේරා හා සුරාබදු සැරයන්වරුන් වන මලින්ද සදරාජ් (621*, විරාජ් හේමපාල (770*, ක‍්‍රීෂාන්ත සිල්වා (934*, සුරාබදු නියාමකවරුන් වන සහන් පේරුමාබදු (1059*, රජිත මිහිරංග (1072*, රෝහාන් බුද්ධික (1073*, ජනිත් මිහිරාන් (1133*, ධනංජය සිල්වා (1088*, රියැදුරු හර්ෂ යන නිලධාරීන් එක්වූහ.

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles