Divaina - එස්.අයි.ගේ වෙඩි පහරින් බල්ලා මරුට අසල සිටි අයෙක් රෝහලට

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p3 1 1සුනඛයකුට තැබූ පොලිස් වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.

මෙහිදී රෝහල් ගතකර ඇත්තේ කළුතර දකුණ, වෙට්ටුමකඩ, යෝන් වීදිය ප‍්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි තිදරු පියෙකි.

ජලභීතිකාව වැළඳුණු බවට සැක සහිත සුනඛයෙක් ප‍්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙක් සපා කා ඇති බවට කළුතර දිස්ත‍්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතාට ලැබුණු තොරතුරක් මත පොලිසිය දැනුවත් කිරීමෙන් පසු උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් එදින පෙරවරුවේ වෙට්ටුමකඩ ප‍්‍රදේශයට ගොස් සුනඛයා මෙල්ල කිරීමට උත්සාහ කිරීමේදී පොලිස් පරීක්ෂකවරයාගේද අත සපා කෑමට උත්සාහ දර ඇති බව පැවසේ.

පසුව උප පොලිස් පරීක්ෂකවරයා සිය රාජකාරි පිස්තෝලයෙන් සුනඛයාට වෙඩි පහර කිහිපයක් එල්ල කර ඇති අතර සුනඛයා මරුමුවට පත්ව තිබේ. එක් උණ්ඩයක් බිම වැදී අසල සිටි පුද්ගලයකුගේ දකුණු උරහිසේ ගැටී තුවාල සිදුව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වෙඩි පහර එල්ල වූ පුද්ගලයා සහ උප පොලිස් පරීක්ෂකවරයාද රෝහල් ගතකර ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයා ප‍්‍රතිකාර ලබා එදිනම පස්වරුවේ රෝහලින් බැහැර කර ඇති බවත් වෙඩිපහර එල්ලවූ පුද්ගලයා ශල්‍යකර්මයකට යොමුකර ඇතැයි රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය. කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පවත්වන ලදී.

ආර්.ඒ.එස්.පේ‍්‍රමතිලක බණ්ඩාරගම

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles