Divaina - පාසලට අලි වෙඩි දැමූ සිසුන්...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  අමරනන්ද විජේසේකර - මහවැව
 
aliwedමෙවර අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටීමට නියමිත ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ සිසුන් 05 දෙනකු විදුහලේ අශෝභන ලෙස හැසිරී, අලි වෙඩි ගැසූ හෙයින් ඔවුන්ට දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට ආණමඩුව පොලිසිය පෙරේදා (25 දා* සවස කටයුතු කර තිබුණි.
 
 නිල ඇඳුම් ලබාදීම හා පාසලේ අවසාන දිනය හේතුවෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට එදින පාසලට පැමිණෙන ලෙස විදුහල්පතිවරයා දන්වා තිබුණි.
 
 ඒ සමගම සාමාන්‍ය පෙළට පෙනී සිටීමට නියමිත සිසුන් සියලූ දෙනා පාසලට කැඳවා බෝධි පූජාවක් පවත්වා ආශිර්වාද කිරීමද සිදුකර ඇත.
 
 ආගමික කටයුතුවලින් පසුව සිසුන් පිරිස පාසලේ ගුරු මහත්ම මහත්මීන්ට වැඳ ආශිර්වාද ලබා ගැනීම සිදුවෙමින් තිබියදී තවත් සිසුන් පිරිසක් අලි වෙඩිල්ලක් පත්තු කර කුඩා සිසුන් සිටි දෙසට වීසිකර ඇත.
 
 පුපුරා ගිය අලි වෙඩිල්ලත් සමග විදුහල්පති විමල් විජේරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය කඩිනමින් ක‍්‍රීඩා පිටියට කඩාවැදීමත් සමග අදාළ සිසුන් පිරිස දිවගොස් තිබේ.
 
 පසුව අලි වෙඩි පත්තු කිරීමට සම්බන්ධ සිසුන් පිරිස අල්ලා ගෙන ප‍්‍රශ්න කිරීමේදී මෙම සිසුන් අලි වෙඩි තුනක්, චීන පටස් හා තවත් රතිඤ්ඤා පත්තු කිරීමට රැුගෙන විත් ඇති බව හෙළිවී ඇත.
 
 පාසලේ විනය විරෝධී හා අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් විදුහල්පති හා ගුරුවරුන් විසින් අදාළ සිසුන් පිරිස ආණමඩුව පොලිසියට භාරදී සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබුණි.
 
 එහිදී සිසුන් හා මව්පියන්ට දැඩි ලෙස අවවාද කළ ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ප‍්‍රසන්න කුමාර මහතා විදුහල්පතිවරයාට මේ සම්බන්ධව කැමති තීරණයක් ගැනීමට ඉඩ ලබාදීම සිදුවිය.
 
 එහිදී සිසුන්ගේ මව්පියන් විදුහල්පතිවරයා ඉදිරියේදී හඬා වැටෙමින් ඉදිරියට මෙවැනි ආකාරයේ වරදක් නොවීමට වගබලා ගන්නා බවට ලබාදුන් පොරොන්දුව මත සහ විදුහල්පතිවරයාගේ ඉල්ලීම මත සිසුන් නිවෙස් කරා දෙමව්පියන් විසින් රැුගෙන යෑමට කටයුතු කෙරිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles