Divaina - රන් මාලය රුපියල් 200 ට වික්ක රෝහල් සේවිකාවක්..

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

බලන්ගොඩ - එන්. එච්. පියසේන
 
 nurseකහවත්ත රෝහලේ සේවිකාවක් බස් රථයේදී හඳුනාගත් පුද්ගලයකුගේ උගුලකට හසුවී සිය ගෙල පැළඳි රන් මාලය අහිමිකරගත් පුවතක් බළන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනාවරණය විය.
 
 සිද්ධිය මෙසේය. බසයේදී හඳුනාගත් පුද්ගලයා බැංකුවක වැඩ කරන බව පවසා ඇත. ඔහු සමග තම මෝටර් රථයෙන් වැඩපළට යා හැකි බව පැවසූ නිසා පසුගිය දිනක මාර්ගයේ රැුඳී සිට අදාළ වාහනයට ගොඩවී ඇත. එසේ යන අතරේදී තරුණියගේ මාලය අව පැහැයක් ගෙන ඇති බැවින් තමා උකස් අංශයේ වැඩ කරන නිසා චේන් එකේ ප‍්‍රමිතිය කිව හැකි බව පවසා එය ඉල්ලා සිටි විට චේන් එක ගලවා ඔහුට දී ඇත.
 
 මේ අතරේදී වාහනය කඩයක් අසළ නතර කර රුපියල් 200 ක් අතට දී බීම බෝතල් දෙකක් ගන්නැයි තරුණියට පැවසූ විට තරුණිය වහා වාහනයෙන් බැස කඩයට ගොස් ඇත. ආපසු හැරී විත් බලන විට මෝටර් රථය නැත. තමා උගුලකට හසුවූ බව තේරුම් ගිය නමුදු කළ හැකි අන් කිසිවක් නොමැති බැවින් පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළාය. අදාළ තරුණයාගේ එදා ඇමැතුම් ලබාදීමට දී තිබූ දුරකථන අංකය මේ වනවිට ප‍්‍රතිචාර නොදක්වයි.
 
 බළන්ගොඩ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. මයුරසිංහ මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ සිදු කරති.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles