Divaina - හදිසි මරණ පරීක්‍ෂක නිල කාමරය හදිසියේම වහලා... මියගිය පුද්ගලයන්ට නිදහසේ අවසන් ගමන යෑමත් වළක්වලා.... කිසිඳු පැමිණිල්ලක් නෑ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මිහින්තලේ - රංග චතූ
 
 anuradapuraඅනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක නිල කාමරය හදිසියේ වසා දැමීම හේතුවෙන් හදිසි මරණ පරීක්ෂණ කටයුතු කර ගැනීමට නොහැකිව ජනතාව අපහසුතාවට පත්ව සිටිති.
 
 මෙම ගැටලූකාරී තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක මහතා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පෙරේදා (24දා* පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මතුව තිබෙන ගැටලූකාරී තත්වය සම්බන්ධයෙන් අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතාට අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා මගින් දන්වා ඇති අතර, සෞඛ්‍යය අමාත්‍යංශ ලේකම්වරයාට අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරසිංහ මහතාට හා විශේෂඥ අධිකරණ වෛද්‍ය ඞී. එල්. වෛද්‍යරත්න මහතාටත් ඒ පිළිබඳව දන්වා තිබේ.
 
දින කිහිපයක නිවාඩු ලබාගෙන පෙරේදා (24දා* දිනයේ කාර්යාලයට පැමිණි අවස්ථාවේ කාර්යාලය දොරගුළු දමා වසා දමා තිබෙන බවත් එම කාමරයට ඇතුල් වීමට නොහැකි ලෙස එහි ඉදිරිපිට මිනිස් අස්ථි කොටස් විශාල ප‍්‍රමාණයක් ගොඩ ගසා තිබූ බව නාගරික හදිසි මරණ පරික්ෂක ජේ. එම්. ජයතිලක මහතා පැවසීය.
 
පසු ගිය දින කිහිපයේ හදිසි මරණ පරීක්ෂකවරුන් මරණ පරීක්ෂණ පැවත්වීම සිදු කරනු ලැබුවේ මෘත ශරිරාගාරයේ පාංශුකූලය සඳහා වෙන්කර ඇති ස්ථානයේ බවත් පෙරේදා (24දා* පරසන්ගස්වැව රිය අනතුරකින් මියගිය දෙදෙනකු, ගෝමරන්කඩලදී හා තවත් ප‍්‍රදේශයකදී මියගිය පුද්ගලයකුගේ මරණ පරික්ෂණ කටයුතු සිදු කරනු ලැබුවේ අනුරාධපුර උදය මාවතේ පිහිටි පෞද්ගලික නිවසක බවත් ඒ මහතා පැවසීය.
 
රාජකාරි සිදුකිරීම සඳහා ලබාදී තිබූ නිල කාමරයේ මහජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා දුරකථන අංක සහිතව සවිකර තිබූ නාගරික මරණ පරීක්ෂක පුවරුව ගලවා ඉවත්කර තිබෙන බවත් කාර්යාලයේ වායු සමීකරණ යන්ත‍්‍රයේ ගෑස් නලයක් තියුණු ආයුධයකින් කපා විනාශ කර දමා ඇතැයි ඒ මහතා පැවසීය.
 
එක්තරා වෛද්‍යවරයෙකු ඇති කර තිබෙන මෙම තත්වය සමග මහජනතාව පොලිසිය හා මරණ පරීක්ෂකවරුන් සහ සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත්වී සිටින බවත් මියගිය පුද්ගයන්ට නිදහසේ අවසන් ගමන යෑමටවත් මෙම තත්වය මත හැකියාවක් නැති බව ඒ මහතා කීය.
 
 මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ, තමන්ට නාගරික හදිසි මරණ පරික්ෂක ජේ. එම්. ජයතිලක මහතා කිසිඳු පැමිණිල්ලක් ඉදිරිපත්කර නැති බවත්, මරණ පරීක්ෂණ කටයුතු අඩාලවීමක් හෝ දෙපාර්ශවය අතර කිසිඳු මත ගැටුමක් තමන්ට වාර්තාවී නැති බවය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles