Divaina - කුලියාපිටියේ නොහික්මුණු දරුවෝ බැඳ දමමු

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ
 
kuliyapitiyaදැඩි නිරෝධායන නීති අනුව සියලූම ආයතන පවත්වාගෙන ගියද කොරෝනා අවදානමද නොතකමින් කුලියාපිටිය බස් නැවතුමේ පාසල් සිසුන් අතර ගැටුම් යළිත් කරළියට පැමිණ ඇතැයි බස් සේවකයෝ හා මගීහු පවසති.
 
 මේ දිනවල පවත්නා තත්වය මත කොරෝනා පාලන කටයුතු ස`දහාද පොලිස් නිලධාරීන් යොදවා ඇති පසුබිමක සිසු ගැටුම් වෙනුවෙන් පොලිසිය බස් නැවතුමේ ස්ථානගත කිරීම අපහසුවී තිබේ. මෙම පාසල් සිසුන්ගේ ගැටුම් බස්නැවතුම් පළ පරිහරණය කරන මගී ජනතාවට විශාල කදරයක් බව බස් නැවතුමේ භාරකරුද තහවුරු කළේය.
 
 ඉකුත් දිනක එක් සිසුවකුට තරුණයන් කිහිපදෙනකු ආරක්‍ෂක හිස්වැසුම්වලින් පහරදෙන බවට තමන් දැනගත් මොහොතේම බස්නැවතුමේ ආරක්‍ෂක නිලධාරීන්ද සමගින් එ් අසලට යනවිටත් එසේ පහරදී පහරදුන් පිරිස පලාගොස් තිබූ බව ඔහු පැවසීය.
 
 එමෙන්ම තමන් ඒඅවස්ථාවේදීම අදාළ පාසල හා පොලිසිය දැනුම්වත් කිරීමට පියවරගත් බවද පැවසීය. එම අවස්ථාවේදී කාන්තාවක්ද ආරක්‍ෂක හිස්වැසුමකින් පහරදුන් බවට තමන්ට තොරතුරු ලැබුන බවත් කුමන හෝ ගැටලූවක් ඇත්නම් එය නීත්‍යානුකූලව විස`දාගනු මිසක බොහෝ පිරිසක් ගමන්ගන්නා බස් නැවතුම ඊට වේදිකාවක් නොවන බවද එ් මහතා පැවසීය. එහෙත් මෙම ක‍්‍රියාවලිය නිරන්තරයෙන් සිදුවීම වළක්වා ගැනීමට සිසුන් දෙමාපියන් විදුහල්පතිවරුන් මෙන්ම වගකිවයුත්තන් පියවරගතයුතුව තිබේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles