Divaina - පෝරුවේ චාරිත‍්‍ර කරමින් සිටියදී මනාලියගේ මිත්තණිය හදිසියේම මියගිහින්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගම්පහ අධිකරණ - ටෝනි කරුණානායක
 
garandmotherකොටදෙනියාව ප‍්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක 25 වෙනිදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී සිටි 76 හැවිරිදි කාන්තාවක් හදිසියේ රෝගාතුර වී මිය යෑමෙන් අනතුරුව ඇය කොවිඩි 19 ආසාධිතයකු බවට හඳුනා ගැනීමෙන් පසු එම මනාල යුවළ නිරෝධායනයට යොමු කළ බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
 
 මංගල උත්සවයේ පෝරුවේ චාරිත‍්‍ර සිදු කරමින් සිටින අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී මිය ගිය එම කාන්තාවට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව දඹදෙණිය රෝහලේ දී සිදු කරන ලද ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක එස්. ඒ. යූ. ටී. කුලතිලක මහතා ඊයේ (26 දා* කීය .
 
 මෙසේ මිය ගොස් ඇති කාන්තාව මාතර ප‍්‍රදේශයේ පදිංචිකාරියක් බවත් නිට්ටඹුව ප‍්‍රදේශයේ පදිංචි ඇයගේ මිනිපිරියගේ විවාහ මංගල උත්සවයට සහභාගි වී සිටින අවස්ථාවේ දී හදිසියේ රෝගාතුර වී මෙසේ මිය ගොස් ඇති බව හෙතෙම පැවසීය.
 
 මිය ගිය කාන්තාව රෝගී වු අවස්ථාවේ සිට රෝහල වෙත රැුගෙන යන අවස්ථාව දක්වා ඊට සහාය වු හඳුනා ගත් 08 දෙනෙකු සහ ඇය සමග මංගල උත්සවයට වාහනයෙන් පැමිණි අය තම නිවෙස් තුළම නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබා දී තිබේ. මිය ගිය කාන්තාව මාතර ප‍්‍රදේශයේ පදිංචි දියණියකගේ නිවසේ සිට මීට දින 04 කට පෙර නිට්ටඹුව ප‍්‍රදේශයේ පදිංචි මනාළියගේ නිවසට පැමිණි ඇති හෙයින් එම නිවසේ පදිංචිකරුවන්ට ද නිරෝධායනයට යොමු වෙන ලෙස උපදෙස් ලබා දුන් බව කීය.
 
 නිරෝධායනයට යොමු කළ පිරිස සම්බන්ධයෙන් එම පළාත් බාර මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් දැනුවත් කළ බවත් වැඩිදුරටත් පැවසීය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles