බිබිල - බදුල්ල ගම්මන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මවක් පෙරේදා (21 දා) රාත්‍රි සිය තුන් හැවිරිදි දියණියද සමග ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇතැයි බිබිල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ලගම්මන, බෙරලියවත්ත පදිංචි ඞී. එම්. නදීකා ප්‍රියදර්ශනී සහ ටී. නෙත්සා දෙව්මිනී නමැති දැරියකි. පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මෙම කාන්තාව සිය දියණිය සමග නිවස අසල පිහිටි අඩි හතළිහක් පමණ ගැඹුරු ළිඳට පැන ඇත. මව සහ දියණිය ළිඳ තුළ මියගොස් සිටිනු දැක ඥාතීන් විසින් බිබිල පොලිසියට දැනුම්දී ඇත. මියගිය කාන්තාවගේ සැමියා යුද හමුදා සෙබළකු බවට අනාවරණයවී තිබේ. මෙම මරණ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය බිබිල මහෙස්ත්‍රාත් චතුර ප්‍රසන්න අමරතුංග මහතා විසින් ඊයේ (22 දා) පැවැත්වීමට නියමිතව තිබිණි. මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල හේරත් මහතාගේ උපදෙස් පිට බිබිල සහකාර පොලිස් අධිකාරී එස්. පී. කේ. ගාල්ලගේ මහතාගේ මෙහෙයවීම යටතේ බිබිල පොලිස් ස්ථානාධිපති ඒ. එස්. පී. සී. කේ. සෙනරත් මහතා සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර - රවිඳු ගුණතිලක - බිබිල - ජේ. රත්නායක