Divaina - තිදරු මව සිව් දිනක් තිස්සේ මරුවා සමග කළ සටනින් පරදී

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p13 23 1දින 4 ක් ත‍්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිට තම ස්වාමියාගේ මන්නා ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සුව සේවිකාව ඊයේ (22 දා) අළුයම මිය ගිය බව රෝහල් පොලිසිය පැවසීය.

මෙසේ අවාසානාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ කන්තලේ මූලික රෝහලේ සුළු සේවිකාවක ලෙස සේවය කළ කන්තලේ 92 වෙන්ඩ‍්‍රාසන්පුර පදිංචි 44 හැවිරිදි යූ. ඒ. ශිරාණි පුෂ්පලතා නම් තිදරු මවකි. ඉකුත් 18 දින රාත‍්‍රි සේවය නිමවී නිවස බලා යතුරු පැදියකින් යමින් සිටියදී කන්තලේ මැදි මහ විදුහල අසලදී උදෑසන 6.00 ට පමණ තවත් යතුරු පැදියකින් පැමිණි ඇයගේ ස්වාමි පුරුෂයා වන සිවිල් ආරක්ෂක භටයා ඇයගේ යතුරුපැදිය නවත්වා ගෙනෙන ලද කැත්තකින් ඇය විළාප දෙද්දී තිස්පස් පොළකට මන්න ප‍්‍රහාර එල්ල කර ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි. සැකකාර සිවිල් ආරක්ෂක සෙබළා සිද්ධයෙන් පසු පොලිසියට භාරවී ඇති අතර අධිකරණයට පැමිණවීමෙන් පසු ලබන 5 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියෝග ලබාදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ ( 22 දා)  පැවැත්වීමට නියමිතව තිබුණි.

කන්තලේ - ඩබ්. එම්. වික‍්‍රමසිංහ

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles