Divaina - වගුරුබිම අනවසරයෙන් ගොඩ කිරීමට ගිය විශ‍්‍රාමික විනිසුරුගෙන් කට උත්තර ගනී

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සීදුව කම්මල්වත්ත පාරේ විශ‍්‍රාමික විනිසුරුවරයකුට අයත් අක්කර පහක පමණ වගුරු බිමක් අනවසරයෙන් ගොඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සමග ඉඩම ගොඩකිරීම සඳහා යොදා ගෙන තිබූ බැකෝ යන්ත‍්‍රයක් සහ ජේවීසී යන්ත‍්‍රයක්ද අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි.

සීදුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එල්. ඒ. ආර්. එස්. කෝසල මහතා පවසන්නේ මේ පිළිබඳව වගුරු බිම හිමි විශ‍්‍රාමික විනිසුරුවරයාගෙන්ද කට උත්තරයක් ලබා ගත් බවය.

මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා සහ සහකාර පොලිස් අධිකාරි නාලක සේනානායක යන නිලධාරීන්ගේ උපදෙස් මත සීදුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරුණාසේන ඇතුළු නිලධාරින් පිරිසක් විසින් වැටලීම සිදුකොට සැකකරුවන් හා භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බී. ටී. කේ. - ජාඇළ අතිරේක

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles