Divaina - ආණ්ඩුව ජනතාවගේම ආශිර්වාදයෙන් ගෙදර යවන්නට කාලය දැන් එළැඹිලා - විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Sajith* සූරියවැව  බැදිගන්තොට සත්කාරය විපක්ෂ නායක  ජංගම සේවය
 
  - මේ ආණ්ඩුව ජනතාවගේම ආශිර්වාදයෙන් ගෙදර යවන්නට කාලය එළැඹිලා තියෙනවා. දැන් ජනතාවට ජීවත් වෙන්නට හැකියාවක් නැහැ. එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට හැකියාවක් නැහැ යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සූරියවැව බැදිගන්තොට පැවැති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී (21දා) පැවසීය.
 
 එහිදී ඒ මහතා මෙසේද කීය.
 
 ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය අද ක‍්‍රියාවිරහිත වෙලා. මොකක්ද අද සිද්ධවෙලා තිබෙන්නේ? ඇමැතිවරු කියන දේ අගමැතිවරයා දන්නේ නෑ. අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා දන්නේ නෑ. මේ හැමෝම කියන දේ රටේ ජනතාව දන්නේ නෑ. අද පූර්ණ පූර්ණකාලීනව විසිහතර පැයම තුන්සිය හැටපස් දවසම සිද්ධවෙන්නේ ආණ්ඩුව රටටත් ජනතාවටත් විහිළු සපයන කාර්යයේ නිරත වී සිටීමයි. දැන් බලන්න මිත‍්‍රවරුනේ භාණ්ඩ 27ක බඩු මිල අඩු කරනවා කිව්වා. ඒක මිථ්‍යාවක්. නිල ඇඳුම් ලබාදුන්නා කිව්වා. ඒකත් මිථ්‍යාවක්. පහුගිය දවසක කිව්වා තෙල් ටැංකි ටික ආපහු ගත්තලූ. තෙල් ටැංකි ආපහු ගත්තා කිව්වහම අගමැතිතුමා කියනවා පිස්සු කියලා.
 
 ඒ විතරක් නෙවේ විශේෂයෙන්ම තවත් ඇමැතිවරයෙක් කියලා තියෙනවා ජනතාව වැඳපුදා ගන්නේ බෝධීන් වහන්සේට පමණයි, බෝධීන් වහන්සේ හැර අනෙකුත් ගස් විනාශ කරාට කමක් නෑ කියල. ඒ වගේම අද අති උතුම් වූ කාදිනල්තුමාට සිද්ධවෙලා තිබෙනවා පාස්කු කොමිෂන් වාර්තාව ලබා ගැනීම සඳහා උද්ඝෝෂණ කරන්න. පාස්කු ප‍්‍රහාරයට මුල පුරපු ත‍්‍රස්තවාදීන් අල්ලනවා කියලයි මේ ආණ්ඩුව බලයට පත්වුණේ. දැන් අති උතුම් වූ කාදිනල්තුමාම කියනවා මේ රජය මේ ත‍්‍රස්ත ප‍්‍රහාරයට මුල්වුණු පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට කටයුතු කරල නෑ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අද රටේ ක‍්‍රියාත්මක වෙන්නේ මිථ්‍යාවයි ,ප්‍රෝඩාවයි, ඇන්දවීමයි, රටේ සම්පත් විකිණීමයි. විශේෂයෙන්ම අද වන විට රටේ ජනතාව 69 ලක්ෂයක්, 68 ලක්ෂයක් ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ඡුන්දය දීලා අහන ප‍්‍රශ්නය මොකක්ද? මෙහෙම ආණ්ඩුවක් බිහි කරලා රටට වෙච්ච දෙයක්.
 
 ජනතාවට සිදු වුණු පරිහානිය. රටේ ජනතාව අන්දවන මේ ආණ්ඩුව ජනතාවගේ ම ආශිර්වාදයෙන් ගෙදර යවන්නට කාලය එළැඹිලා තියෙනවා. ජනතාවට ජීවත් වෙන්නට හැකියාවක් නැහැ. එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට හැකියාවක් නැහැ. ගොවිතැන් කරන මිනිසුන්ට හිංසා කරනවා. පීඩා කරනවා. ගොවීන්ට දෙන පෝර ටික අඩු කරලා. පෝර දෙන්නත් අමුතුම මාදිලියේ කොන්දේසි දමලා. ධීවර ජනතාව අනාථ වෙලා. පාසල් යන ¥ දරුවන් අනාථ වෙලා. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අන්ත අසරණ භාවයට පත්වෙලා. රටේ ආර්ථික එන්ජිම දැන් සම්පූර්ණයෙන්ම නතර වෙලා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ ආණ්ඩුව බිහි කරන්නට මුල් වුණේ ත‍්‍රස්ත විරෝධී ආණ්ඩුවක් බිහි කරන්නට ඕනේ කියලා. නමුත් අද සිද්ධවෙලා තිබෙන්නේ පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන මොළකරුවන්, ප‍්‍රධානීන්, මේ සැලසුම් කරපු කණ්ඩායම්, හොයාගන්නට බැරි ආණ්ඩුවක් අද තියෙන්නේ. මම ඔබතුමන්ලාට කියන්න කැමතියිි සැබෑ ජනතාවාදී ජනහිතකාමී රජය බිහි කිරීම උදෙසා සමගි ජන බලවේගයත් සමග එකතු වෙන්න.
 
 අපි සතුව නිපුණතාවයෙන් පිරිච්ච, කුසලතාවයන් වලින් හෙබි, උගත්, බුද්ධිමත් දේශපාලකයින් කණ්ඩායමක් සිටිනවා. සමගි ජන බලවේගය හරහා අපි බිහි කරන්නේ දේශපාළුවෝ නෙමෙයි දේශ සේවකයින්. අපි අනාගතයේදී රජයක් හැටියට මේ රට ස්වයංපෝෂිත කරන්නට, මේ රට ආරක්ෂා කරන්නට, මේ රට ශක්තිමත් කරන්නට කටයුතු කරනවා. මේ ජංගම සේවාවේදී නිවාස පිළිබඳව ප‍්‍රශ්න ඉදිරිපත් වුණා. නතර කරපු සංවර්ධන යෝජනා ක‍්‍රම ගැන ප‍්‍රශ්න ඉදිරිපත් වුණා. කනගාටුවෙන් හෝ කියන්නට ඕන අපි ආරම්භ කරපු සෑම නිවාස සංවර්ධන ව්‍යාපෘතියක්ම අද හිතාමතාම මේ ආණ්ඩුව නතර කරලා තිබෙන්නේ. ඒවට මුදල් වෙන් කරන්නේ නැහැ. එපමණක් නොවේ මේ රටේ වෙහෙර විහාරස්ථාන ආගමික සිද්ධස්ථාන ගොඩනඟන්නට දැවැන්ත වැඩපිළිවෙළක් අපි ක‍්‍රියාත්මක කළා. මේ රටේ විහාරස්ථානවල දහම් පාසල් ශාලා දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කරා.
 
 මේ ගමේ විහාරස්ථානයටත් අපි දහම් පාසල් ශාලාවක් ලබා දුන්නා. නමුත් දහම් පාසල් දහසක් ඉදි කිරීමේ වැඩසටහන මම පරාජයවුණු දවසේ ඉඳලම නතර කරලා. නවත්තලා. ඇනහිටලා. මම අහන්න කැමතියි මේකද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ? ඒ ආණ්ඩුව දිනපතාම කරන මේ මිථ්‍යාවාදී ක‍්‍රියාවන් වලට, මේ ජනතාව අන්දවන ජනතාව රවට්ටන මේ මුසාවට මේ ප්‍රෝඩාවට නැවතීමේ ලකුණක් තබලා රට ගොඩනගන, දියුණු කරන, රට සංවර්ධනය කරන වැඩපිළිවෙළට ඔබ සියලූ දෙනාම සූදානම් වන්න. මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා අනිවාර්යයෙන්ම පාස්කු ප‍්‍රහාරයට මුල පුරපු මොළකරුවන්, මහ මොළකරුවන්, සැලසුම් කරපු අය අපි අනිවාර්යෙන්ම රටටත් ලෝකයටත් හෙළිකරනවා. කරනවා පමණක් නෙවෙයි ත‍්‍රස්ත ප‍්‍රහාරවල නියැලෙන සියලූ දෙනාටම ප‍්‍රහාර එල්ල කරන අයට පමණක් නොවේ සැලසුම් කරන අයටත් අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය නිත්‍යානුකූලව ක‍්‍රියාත්මක කරන්නට අනාගත රජයක් හැටියට අපි කටයුතු කරනවා. ඒ දේ කියමින් ඔබ සියලූ දෙනාගේම අනාගතය වාසනාවන්ත කරන්නට අපි පූර්ණ ශක්තිය සහයෝගය ලබා දෙනවා කියමින් ජය ප‍්‍රාර්ථනා කරනවා.
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles