Divaina - ජාතික ප‍්‍රශ්නය විසඳනවානම් ආණ්ඩුව සමග එකට වැඩ කරනවා - සුමන්දිරන් කියයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p7 23 2නව ව්‍යවස්ථාවකින් මේ රටේ ජාතික ප‍්‍රශ්නය විසඳීමට ස්ථිරසාර පියවරක් අනුගමනය කරන්නේ නම් රජය සමග එකට කටයුතු කිරීමට හැකි බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පවසයි.
 
 ව්‍යවස්ථා කෙටුම්පත් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සාකච්ඡාවෙන් පසුව මන්ත‍්‍රීවරයා පැවසුවේ පසුගිය වසර 87ක කාලය මුළුල්ලේම උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙන අන්දමේ ව්‍යවස්ථා සංශෝධනයක් මේ රටේ සිදුව නොමැති බවයි.
 
 1987 වසරේදී යළි මේ සම්බන්ධයෙන් සාකච්ඡුා වූ බවත් 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යමක් ලබා දෙන්නට උත්සාහයක් ආරම්භ වූ බවත් ප‍්‍රකාශ කරන සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ස්ථිර ලෙස ජාතික ප‍්‍රශ්නය විසදීමට ව්‍යවස්ථා මගකට රජය අවතීර්ණ වන්නේ නම් රජය සමග එකට වැඩ කිරීමට දෙමළ ජාතික සන්ධානයට පමණක් නොව සියලූම දෙමළ දේශපාලන පක්ෂවලට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.
 
 ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන දේශපාලන කතා බහ දෙමළ ජාතික සන්ධානයට ප‍්‍රශ්නයක් නොවන බව ද සුමන්තිරන් මන්ත‍්‍රීවරයා මාධ්‍යවේදියකු විසින් නගන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
 
 දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles