Divaina - මින්පසු රටේ සහල් හිගයක් ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැහැ - කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p7 23 1රජයට සහල් නොදෙන ගොවීන්ට පොහොර වැඩි මිලට

රජයේ සහල් සංචිත දැක මාෆියාකාරයෝ බය වෙලා

රජය සතුව අවශ්‍ය වී සංචිත තිබීමෙන් ඉදිරියේදී කිසිදු සහල් හිඟයක් ඇතිනොවන බවත්, අද වන විට වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් වී කිලෝ ලක්ෂ  20 ක තොගයක් ලබාදී ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවැසීය.

බත්තරමුල්ල, ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසූ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට රජය සතුව වී සංචිත තබා ගැනීමට ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ලැබුවා. අපේ බලාපොරොත්තුව වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 3 ක් රජය සතුව තබා ගැනීමයි. වී මිලදී

ගැනීම සඳහා රජය රුපියල් මිලියන 23000 ක් වෙන්කර තිබෙනවා. ඉන් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන

16000 ක් දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට මිලියන 2000 ක් හා සමුපාකාර සඳහා මිලියන 5000 ක් වී මිලදී ගැනීමට වෙන්කර දී තිබෙනවා. වී ගබඩා කිරීම සඳහා ගබඩා 323 ක් සම්පූර්ණයෙන් ප‍්‍රතිසංස්කරණය කර තිබෙනවා. මෙහි වී මෙටි‍්‍රක් ටොන් තුන්ලක්ෂ විසිපන්දහසක් ගබඩා කිරීමේ හැකියාව තිබෙනවා.

වී සංචිත රජය තබාගැනීමේ මූලික අරමුණ ගොවියාත් පාරිභෝගික ජනතාවත් සහල් මාෆියාවෙන් නිදහස් කරගැනීමයි. මෙතෙක් කල් රජය විසින් ගොවියාට පොහොර, ජලය, රක්ෂණය නොමිලේ ලබා දෙනවා. ඒ වගේම නොමිලේ තාක්ෂණයත් ලබාදෙනවා. මේ සියල්ල රජයෙන් ලබාදෙද්දී සහල් මුදලාලි කිහිපදෙනෙක් විසින් ගොවීන් සතු වී තොග තුට්ටු දෙකට ලබා ගන්නවා.

ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න මෙවර මහ කන්නයේදී බලාපොරොත්තු වෙනවා. මේ වසර ගොවීන් වැඩිපුරම ගොවිතැනට යොමුවූ වසරයි. මේ වනවිට හෙක්ටයාර් 764,000 වගාකර තිබෙනවා. අප බලාපොරොත්තු වෙනවා වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ

32 ක්. එමගින් හාල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 25 නිෂ්පාදනය කිරීමට. රටේ ජනතාවගේ පාරිභෝජනය සඳහා මාසයකට සහල් මෙටි‍්‍රක් ටොන් 195,000ක් අවශ්‍ය වෙනවා. ඒ අනුව වසරකට සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 24ක් අවශ්‍ය වෙනවා. මෙවර මහ කන්නයේ වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 32 ක් නිෂ්පාදනය වන අතර යල කන්නයේ වී මෙටි‍්‍රක් ටොන් මිලියන 1.8ක් නිෂ්පාදනය කරනවා. ඒ අනුව මේ වසරේ යල සහ මහ කන්නවල වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 50 ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අනුව සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ පහක අතිරික්තයක් නිෂ්පාදනය කෙරෙනවා.

පසුගිය රජය කාලේ 2016 වී මිලදී ගැනීම වියදම් කර තිබෙන්නේ මිලියන 6600 යි. 2017 වී මිලදී ගැනීමට සත පහක්වත් පැවැති ආණ්ඩුව විසින් වෙන්කර නැහැ. 2018 මිලියන 280 යි. 2019 දී මිලියන 2028 යි. 2020 මිලයන 1524 යි. 2021 අපේ ආණ්ඩුව මිලියන 23,000 ක් වී මිලදී ගැනීමට ලබා දී තිබෙනවා.

අද වනවිට විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරනවා ගොවියාගේ පොහොර සහනාධාරයට ගහන්න උත්සාහ කරන බවට. මෙය සම්පූර්ණ අසත්‍යයක්. මේ රටේ වී ගොවීන් සිටින්නේ 1,041,923 කි. මේ අයගෙන් අපි වී මිලදී ගන්නේ හෙක්ටයාර් එකකට වැඩි ගොවීන්ගෙන් පමණයි. හෙක්ටයාර් එකකට වැඩි ගොවීන් සිටින්නේ 266,921 ක ප‍්‍රමාණයක්. එය සියයට 27 ක ප‍්‍රමාණයක්. සියයට

73 කට පොහොර සහනාධාරය, රක්ෂණය හා රජය අනුග‍්‍රහය දක්වන සියලූ‍ දේ ඒ ආකාරයෙන්ම ලැබෙනවා. සියයට 27 ක් පමණ වන හෙක්ටයාර් එකකට වැඩි

ගොවීන්ගෙන් පමණයි ඔවුන්ගේ වී නිෂ්පාදනවලින් සියයට 10 ක් රජයට ලබාදෙන්න කියන ඉල්ලීම කර තිබෙන්නේ.

රජය සහල් සංචිතයක් තබා ගැනීමට කටයුතු කරන විට සහල් මාෆියාවට සම්බන්ධ අය බියට පත්වෙලා. මේ කිහිප දෙනා හැමදාම කළේ අහිංසක වී ගොවියා අමාරුවේ දැමීමයි. රජය වී සහතික මිල 50 කළ ගමන් මේ අය දැන් වී කිලෝව රුපියල් 54 ට මිලදී ගන්නවා.

මෙරට වී නිෂ්පාදනයෙන් සියයට 75ක් 80 ක් පමණ සහල් මාෆියාකරුවන් විසින් මිලදී ගන්නවා. මේ අය මිලදී ගෙන මේ අය ආණ්ඩුවවට බලකරනවා සහල් නිෂ්පාදනයට විශාල මුදලක් වැයවෙනවා ඒ නිසා සහල් රුපියල් 125 ට දිය යුතුයි කියලා. ඒ අයුරින් බිලියන ගණනක් පාරිභෝගික ජනතාවගෙන් ගසා කනවා. මේක තමයි මේ සහල් මාෆියාකරුවන් කරන්නේ.

ඉදිරියට කිසිදු සහල් හිඟයක් ඇතිවෙන්නේ නෑ. ඉතිහාසයේ දැවැන්තම වී නිෂ්පාදනය මෙවර සිදුවී තිබෙනවා. මහ කන්නයේ පමණක් හෙක්ටයාර් 764,000 ක් වගාකර තිබෙනවා. වී මිලියන 3.2 ක් නිෂ්පාදනය කෙරෙනවා. මේ නිසා රටේ කිසිදු සහල් හිඟයක් ඇතිවෙන්නේ නෑ. මෙටි‍්‍රක් ටොන් ලක්ෂ පහක සහල් අතිරික්තයක් ඇතිවෙනවා. මේ තුළින් සහල් අපනයනය කිරීමටත් අපට හැකිවෙයි කියා අපි විශ්වාස කරනවා.

රුපියල් 50 වී කිලෝවක් මිලදී ගැනීමෙන් රුපියල්

93 ට සහල් කිලෝවක් ලබාදිය හැකියි. රුපියල් 55 කට 60 කට වී මිලදී ගතහොත් සහල් කිලෝවක් රුපියල් 101, 111 කට යනවා. ඒ සහල් මිල ඉහළයාම වැළැක්වීමටයි රජය රුපියල් 50 ක වී සහතික මිලක් ඇතිකළේ.

විපක්ෂ නායකවරයා අද වී ගොවියා වෙනුවෙන් කතා කරනවා ,පොහොර සහනාධාරය ගැන කතා කළත් ඔහුට අමතක වෙලා ඔහු කැබිනට් ඇමතිතිධූර දැරූ කාලයේ සියයට සීයකින් පොහොර සහනාධාරය කැපූ හැටි. විපක්ෂ නායකවරයාත් සහල් මාෆියාවේ අනුග‍්‍රහය ලබාගෙන ඒ මාෆියාවෙන් යැපෙන්න හැදීම ගැන අප කණගාටුවෙනවා. විපක්ෂ නායකවරයා ව්‍යාපෘතිය නොදැන කතාකරන්නේ.

මේ වගේ ජාතික වැඩසටහන් දේශපාලනීකරණය කරගන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා. මේ වී සහතික මිල ඉවත් කළොත් වී කිලෝව රුපියල් 30 ට බහිනවා. මේ රු. 50 සහතික මිල නිසයි ගොවියාට අද රුපියල් 50 ට 60 වී මිලදී

ගැනීමට පුළුවන් කම ලැබෙන්නේ. රජයට ගොවීන් වී ලබා දෙනවා. අද වන විට රජයට වී කිලෝ ලක්ෂ 20 ක් ලැබී තිබෙනවා. ගොවියා අපට අවශ්‍ය වී ලබා දෙනවා. රජය

ගන්නේ නිෂ්පාදනයෙන් සියයට 10 යි. මේ කතා කරන මෝල් හිමියන්ට ගන්න පුළුවන් වී මෙටිි‍්‍රක් ටොන් ලක්ෂ හතර හමාරයි. ඒ අනුව තවත් සියයට 60 ක් ගොවීන් සතුව තිබෙනවා.

රජයට වී ලබාදෙන වැඩපිළිවෙළින් ගොවියා ඉවත්වුවහොත් පොහොර සහනාධාරය අහිමිවී ඔවුන්ට පොහොර රුපියල් 4000 ට මිලදී ගැනීමට සිදුවෙයි.ඒවගේම රක්ෂණයේ වගකීමත් ඔවුන්ටම දරා

ගන්න වෙයි. වගා හානි සිදුවී ඇති ගොවියාගෙන් අපි වී ගන්නේ නෑ. අපි අමානුෂික ලෙස කටයුතු කරන්නේ නෑ.

සහල් මාෆියාවේ කිහිප දෙනෙක් විසින් එක කන්නයකින් රුපියල් බිලියන ගණන් උපයා ගන්නවා. එහෙම කරන්න වගකිවයුතු රජයකට ඉඩදෙන්න බෑ. රජයක වගකීම ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කර ගැනීමයි. ඒ වගකීම රජයක් හැටියට ඉටු කරනවා.

රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් දැක්වීය.

අනුර බාලසූරිය, අරුණ බෝගහවත්ත
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles