Divaina - මහනුවර රාලහාමිලා දෙදෙනාගේ අනභිභවනීය රාජකාරිය

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p11 434මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වෙමින් තිබුණු කොළඹ බලායන දුම්රියට ගොඩවීමට උත්සාහ කළ මගියකු දුම්රියත් වේදිකාවත් අතරට ඇදවැටී සිදුවීමට ගිය අනතුරකින් වළක්වා ගැනීමට මහනුවර නිළ සුනඛ පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකු සමත් වී තිබේ.

ඉරිදා (21 දා) පෙරවරු 10.30 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත් වූ දුම්රියට නැඟීමට උත්සාහ කර මෙලෙස ඇදවැටී ඇත්තේ මාතලේ වාලවෙල පදිංචිකරුවෙකි.

පොලිස් සැරයන්වරුන් වූ එල්. ආර්. එස්. බණ්ඩාර (4490) සහ තුෂාර (31452) මහත්වරුන් මහත් ආයාෂයක් දරා ඇදෙන දුම්රියත් දුම්රියපළ වේදිකාවත් අතරට ඇදවැටුණු මගියා අනතුරින් මුදා ගැනීමට සමත්වීම ස්ථානයේ සිටි පිරිසගේ මවිතයට හේතුවක් විය. මගියා සුළු තුවාල ලබා සිටියේය. මගියා වැඩිදුර අවශ්‍ය කටයුතු සඳහා දුම්රිය ස්ථානාධිපති වෙත භාරදෙන ලදී.

සැරයන්වරුන් දෙදෙනා රාජකාරි කටයුතුවලට යොමු කර සිටි නිලධාරි දෙදෙනකි. මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල සහ සහකාර පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය යන මහත්වරුන්ගේ උපදෙස් අනුව සැරයන්වරුන් දෙදෙනා රාජකරි කටයුතුවලට අනුයුක්ත කර සිටියහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles