Divaina - දාහතර හැවිරිදි පිරිමි දරුවෙකුට හදි කළ පනස්දෙහැවිරිදි පුද්ගලයා රක්ෂිතයට

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

dusana4වයස අවුරුදු දාහතරක(14) පිරිමි දරුවකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන වයස අවුරුදු 52ක පුද්ගලයෙකු මාර්තු මස තුන්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහෙස්ත‍්‍රාත් චමින්ද කරුණාදාස මහතා පෙරේදා (21) නියෝග කළේය.

සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකර එදිනට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. කරදගහමඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

තම දරුවාට සැකකරු ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට දරුවාගේ දෙමාපියන් විසින් කන්දකැටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි. අපයෝජනයට ලක්වූ බව කියන දරුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇත. කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කන්දකැටිය - ජී. චතුරංග

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles