Divaina - අනුරාධපුර අවන්තිදේවියට යුක්තිය ඉටුවී නෑ - ඇමැති එස්.එම්. චන්ද්‍රසේන - හදිසියේ සිදු කළ නිරීක්ෂණයකින් හෙළි කර ගනී - වැරදිකරුවෝ තාමත් රාජකාරියේ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p5 23 1* හැටකට ආසන්න ගැහැනු දරුවන්ට කිසිම රැකවරණයක් නෑ

- අනුරාධපුර අවන්තිදේවි ළමා නිවාසයේ ඇතිවූ අවාසනාවන්ත සිද්ධිය මුළු රටටම ඇතිවූ මහත් කැලළක්. මේ පිළිබඳව ජනාධිපතිතුමා කඩිනම් පියවර ගෙන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අනුරාධපුරයට එව්වා. ඒ පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ අද වනවිට නිලධාරීන් යටගහලා. තොරතුරු හෙළි කළ රියැදුරෙකුගේ වැඩ තහනම් කරලා. වැරදිකරුවන් තාමත් රාජකාරි කරමින් ඉන්නවා. මේ පිළිබඳව ජනාධිපතිව දැනුවත් කර ලබන සතියේම වෙනත් ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් අනුරාධපුරයට එවීමට කටයුතු කරනවායැයි ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා පෙ⁣රේදා(21*දහවල් අනුරාධපුර අවන්තිදේවි ළමා නිවාසයේ හදිසියේම සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුව පැවැසීය.

මෙම ළමා නිවාසයට පැමිණි ඇමැතිවරයාට එහි සිටින හැටකට පමණ ආසන්න ගැහැණු දරුවන්ට එහි කිසිම

රැුකවරණයක් නොමැති බව තහවුරු කරගත්තේය. වැසිකිළිවල දොරවල් කැඩිලා රෙදි කෑලිවලින් වහල තියෙන අයුරුද සවි කර ඇති සී.සී.ටීවී කැමරා බොහෝ කාලයක පටන් කැඩි ගොස් ඇති අයුරුද අමාත්‍යවරයාට සියැසින් දැක ගැනීමට හැකි වූ අතර වහාම ඒවා අළුත්වැඩියා කරන ලෙස පත්කර සිටින නව ළමා ආරක්ෂක කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේ ය. අනතුරුව අමාත්‍යවරයා එහි සිටින අසරණ දරුවන් සමග සාකච්ඡුා කළ අතර එහිදී මෙම දරුවන්ට සිදු කර ඇති අපචාර හා ඒවාට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි විය.

පසුව මේ පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

මාධ්‍ය මගින් මෙහි සිදු වූ අපචාර නිසා අපේ පළාතට පමණක් නෙමේ රටටම මහත් අපකීර්තියක් වුණා. මේක දැනගත් මොහොතේම ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාව අනුරාධපුරයට එව්වා මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාත් ආවා. එතුමාත් කිව්වේ මේ පිළිබඳව අවශ්‍ය කටයුතු කරනවා කියලා. නමුත් මේ දක්වා සිදු වෙලා තියෙන්නේ ඒ තොරතුරු හෙළිදරව් කරපු රියැදුරුගේ වැඩ තහනම් කිරීම පමණයි. මේ වන තෙක් මෙම ස්ථානයට මුරකරුවෙක්වත් නැහැ. ඒ ස`දහා ග‍්‍රාම ආරක්ෂක නිලධාරිනියන් දෙදෙනෙකු පත් කිරීමට කටයුතු කරනවා.

මම මේ දරුවන් එක්ක කතා කළා. මට තේරුම් ගියා මේ දරුවන්ට විශාල හානියක් වෙලා තියෙන බව. මේ නිසා මම මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයටත් කරුණු දක්වනවා. ඒ වගෙම ජනාධිපතිතුමාට කියල එතුමාගේ උපදෙස් මත වෙනත් ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් ලබන සතියේම පත් කර ස්වාධීන පරීක්ෂණයක් කඩිනමින් සිදු කරනවා. සම්බන්ධ සියලූ‍ දෙනාට නිසි දඩුවම් දෙනවා.

මෙම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අනුරාධපුර අරිප්පු පාරේ නව සංඝමිත්තාරාමයේ ස්ථාන භාර ප‍්‍රධාන මෙහෙණින් වහන්සේ වන ධම්මානි අනුරපාලි මෙහෙණින් වහන්සේ හා නාගරික මන්ත‍්‍රීනි සුපිනි මෙනවියද අමාත්‍ය වරයාට පවසා සිටියේ මේ පිළිබඳව පරීක්ෂණ නිසි පරිදි සිදු නොවන හෙයින් පරීක්ෂණ ස්වාධීනව සිදු කර මේ දරුවන්ට අපරාධයන් කළ සියලූ‍ දෙනා නීතියේ රැහැනට හසු කරගන්නා ලෙසය.

ඇමැතිවරයා සමග උතුරු මැද පරිවාස හා ළමාරක්ෂක අධිකාරියේ වැඩ බලන කොමසාරිස් ගයාන් වික‍්‍රමසිංහ මහතාද නිරීක්ෂණ චාරිකාවට සහභාගි විය.

p5 23 2නොච්චියාගම - එම්.එම්.පී.ජී. පෙරේරා

 

 



පරීක්ෂණ කිසිම අයුරකින් යට ගහන්නේ නැහැ - පළාතේ ළමා නිවාස දහසයටම හෙට යනවා - උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්

p5 23 3මේ අතර සිද්ධිය පිළිබඳව ඊයේ(22වැනිදා* උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ අදහස් පළ කළේය.

අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ අපචාර සිද්ධිය පිළිබඳව ආයතන හතරක් විසින් පරීක්ෂණ සිදු කරනවා. වෙන වෙනම මේ පරීක්ෂණ සිදුකරනවා. මම යටතේ සිදු කරන පරීක්ෂණ කිසිම අයුරකින් යට

ගහන්න කටයුතු කරන්නේ නැහැ. එම පරීක්ෂණ නිසි ලෙස තව දුරටත් සිදු වෙනවා. මාධ්‍ය මගින් මේවා රටට හෙළි කරපු නිසා තමා මේවා එළිවුණේ. මේවන විට යම් යම් ක‍්‍රියාමාර්ග අරගෙන තියෙනවා.

කණ්ඩායම් හතරකින් පරීක්ෂණ සිදු කරන නිසා මේක කාටවත් යටගහන්න බැහැ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේත්, අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිතුමා යටතේත් අපේ පළාත් අමාත්‍යාංශය යටතේත් මේ පරීක්ෂණ දිගටම සිදු කෙරෙනවා. ඒක නිසා මම වගකීමෙන් කියනවා මේ පරීක්ෂණ සාධාරණ ලෙස සිදු වන බව. පළාතේ තිබෙන ළමා නිවාස දහසයටම මම හෙට යනවා. මේ දරුවන්ට තිබෙන අඩුපාඩු කඩිනමින් සකස් කර හො`ද පහසුකම් තිබෙන ස්ථාන බවට ඒවපත් කරනවා.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.එම්.

වික‍්‍රමසිංහ, උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ගයාන් වික‍්‍රමසිංහ යන මහත්වරුද සහභාගි වූහ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles