යාපනය කුරිකඞ්ඩුවාන් සිට නෙඩුන්තිව් දක්වා බෝට්ටුවකින් ගමන් කරමින් සිටි ධීවරයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බවට වාර්තා වෙයි.
මෙහිදී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 41 පමණ වන ඥානසිංහම් රමේෂ් හා වයස අවුරුදු 19 ක් පමණ වන රන්ජන් මයන් නැමති ධීවරයින් දෙදෙනකි. අදාළ ධීවරයින්ගේ ඇතැම් උපකරණ වෙරළට ගොඩගසා තිබියදී හමුවු බවද නෙඩුන්තිව් ධීවරයින් පවසයි.
ඒ අනුව අදාළ ධීවරයින් දෙදෙනා සෙවීමේ කටයුතු ඊයේ 22 දින වන විටත් සිදු කරමින් ඇති අතර අදාළ අංශ මේ පිළිබඳව දැනුවත් කිරීමටද කටයුතු කරමින් සිටින බව ධිවරයින් පවසයි.
මුලතිව් - ප්රසන්න ප්රදීප්