* නිලධාරීන්ට නීතිය ක්රියාත්මක කිරීමට නොහැකි වතාවරණයක්
- මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු මුලතිව් ඔඞ්ඩුසුඩාන් මහ කැළය විනාශ කරමින් විශාල මාර්ගයක් තනා පළාතේ ඉඩම් අත්පත් කරගනිමින් සිටින බව මුලතිව් වන සංරක්ෂණ නිලධාරීන් සඳහන් කරයි.
ප්රාදේශීය සභා මන්තී්රවරයා ඔඞ්ඩුසුඩාන් මනවලන් පට්ටමලිප්පු ප්රදේශයේ රක්ෂිතය එළි පෙහෙළි කිරීම සඳහා ඩෝසර් යන්ත්ර දෙකක් යොදවා ඇති අතර මෙහි සමස්ත ඉඩම් ප්රමාණය රජයේ රක්ෂිතයක් වන අතර ප්රාදේශීය සභා මන්ත්රීවරයාට මේ ඉඩම් සම්බන්ධයෙන් කිසිඳු අයිතියක් නොමැති බව මේවන විට හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ මහවැලිය විසින් සිංහල ජනාවාස ඇති කිරීම සඳහා මෙම ඉඩම් අනාගතයේදී ඔවුන්ට ලබා දෙන නිසා ඊට පෙර තමන් මෙම ඉඩම් පළාතේ ජනතාව අතර බෙදා දෙන බවයි.
වන සංරක්ෂණ නිලධාරීන් ඔහුට මේ පිළිබදව අවවාද කොට ඇතත් ඔහු එම ක්රියාව මෙතෙක් නතර කොට නොමැති අතර විවිධ හේතුන් නිසා නිලධාරීන්ට එම මන්ත්රීවරයාට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට නොහැකි වතාවරණයක් මතුව ඇතැයි එම නිලධාරීහු පෙන්වා දෙති.
දිනසේන රතුගමගේ