Divaina - පී.සී.ආර්.වලට තුන්වරක්ම විරෝධය පෑ කහටපිටියේ කාන්තාවක් මරුට... තවත් 8 කට කොරෝනා

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ගම්පොළ - සුරංග දිල්හාන්
 
kahatapitiyaපී. සී. ආර්. පරීක්‍ෂණවලට විරුද්ධව තුන්වරක් ගම්පොළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බාධා කළ ගම්පොළ කහටපිටිය දේවරාජ මාවතේ 9 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී එක් කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
 
 කෝවිඞ් 19 වෛරසයට ගොදුරුව තෙල්දෙණිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙසේ මියගොස් ඇත්තේ 51 හැවිරිදි කාන්තාවකි.
 
 මෙය ගම්පොළ නගර සභා සීමාවේ සිදු වූ පළමු කොවිඞ් මරණයයි.
 
 මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මෙම ප‍්‍රදේශය තුළ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට අවස්ථා 3 කදී උත්සාහ ගෙන ඇතත් ඒ සෑම වරකම එම ප‍්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා ඇත. කෙසේ හෝ කොටසකට සිදු කළ පරීක්‍ෂණවලදී ඉන් 8 දෙනෙකු ආසාදිතයන් බව තහවුරු වී ඇති අතර ඉන්පසු පෙරේදා (15 දා* ඉතිරි අයටද පී. සී. ආර්. පරීක්‍ෂණ කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණි.

 

 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles