Divaina - වනාතවිල්ලූවේදී හමු වූ පුපුරන ද්‍රව්‍ය යොදාගෙන බරපතළ සිද්ධියක් කිරීමට ඉඩ තිබුණු බව පූජිත්ට කිව්වා... අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක ශානි අබේසේකර කියයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

එරික් ගාමිණි ජිනපි‍්‍රය
 
comisan135වනාතවිල්ලූව ලැක්ටොස් වත්තේ තිබී හමු වූ පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන බරපතළ සිදුවීමක් කිරීමට ඉඩ තිබෙන බව තමන් එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතාට වාර්තා 3 ක් හෝ 4 ක් මගින් වාර්තා කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඊයේ (26දා* පැවැසීය.
 
 ජාතික රෝහලේ සිට ස්කයිෆ් තාක්‍ෂණය ඔස්සේ සාක්‍ෂි ලබාදුන් ඒ මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාගේ සාක්‍ෂි විමසීම හමුවේ මෙසේද පැවැසීය.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ඝාතනය සිදු වූ වවුනතිව් සිදුවීම පිළිබඳව විමර්ශන කටයුතු සිද්ධ වූයේ මොන ආකාරයටද?
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා-
 
 හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ රවි සෙනවිරත්න මහතා ඇතුළු පිරිස ගුවන් මගින් ගිහින් තමයි විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබුණේ.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 මාවනැල්ලේ බුදුපිළිම වලට හානි කිරීමේ සිදුවීම ගැන විමර්ශනය කළේ කවුරුන් විසින්ද?
 
 ශානි අබේසේකර මහතා-
 
 පොලිස් පරීක්‍ෂක මාරසිංහ, ඩයස් ඇතුළු පිරිස ඒ පිළිබඳව පරීක්‍ෂණ කළා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ රවි සෙනවිරත්න මහතා වෙත මොනවද වාර්තා කළේ?
 
 ශානි අබේසේකර මහතා-
 
 මූලික වශයෙන් එහි සඳහන් වනවා විමර්ශන කටයුතු සඳහා කණ්ඩායමක් යොමුකළ බව. ඒ වගේම සැකකරුවන් පිිළිබඳව අනාවරණය වූ තොරතුරු සඳහන් වනවා. පොලිස් පරීක්‍ෂක මාරසිංහගේ නිරීක්‍ෂණ හා නිගමනත් වාර්තා කර තිබෙනවා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 මාරසිංහ කරලා තිබෙන නිගමන සහ නිරීක්‍ෂණ මොනවාද?
 
 ශානි අබේසේකර මහතා-
 
 මුස්ලිම් ආගමික ජමාතේ නමැති සංවිධානයේ ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කළ පිරිසක් ඉන් ඉවත් වී කුරානය නමින් සංවිධානයක් පිහිටුවාගෙන මෙම කටයුතු කර ඇති බව.
 
 එම කටයුතු යම් පුද්ගලයකුගේ හෝ පාර්ශ්වයක් විසින් මෙහෙයවා සිදුකර ඇත්ද යන්න විමර්ශනය කිරීම වටින බවත් සඳහන් කර තිබෙනවා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ තිබී සොයාගත් වනාතවිල්ලූව ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අදාළ රැුඳවුම් නියෝගය අරන් තිබෙන්නේ කවදාද?
 
 ශානි අබේසේකර මහතා-
 
 2019 ජනවාරි 19 වන දින.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 පොලිස් පරීක්‍ෂක මාරසිංහට තිබුණේ විමර්ශන කටයුතු සඳහා සහායදීම පමණද?
 
 ශානි අබේසේකර මහතා-
 
 2018 දෙසැම්බර් 26 නියෝගය ආවේ එහෙම තමයි.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 2018.12.27 ඔබ යෙදූ සටහනට අනුව ඔබ මාරසිංහ ඇතුළු කණ්ඩායමට උපදෙස් දී තිබෙන්නේ විමර්ශනය කිරීමට ද, විමර්ශනය සඳහා සහාය වීමටද?
 
 ශානි අබේසේකර මහතා-
 
 සහාය වෙන්න කියලා නැහැ. එහි අරමුණ අනාවරණය කරගන්න කියලා උපදෙස් දුන්නා. ගැඹුරින් අධ්‍යයනය කරන්න කියලා තමයි කිව්වේ.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 ඔබගෙන් ඔවුන් දුරකථන දත්ත වාර්තා ඉල්ලා සිටියාද?
 
 ශානි අබේසේකර මහතා-
 
 තාක්‍ෂණ කාර්යාලය තිබුණේ මගේ කාර්යාලය ඉදිරිපිට. දුරකථන දත්ත වාර්තා ඉල්ලූවිට ලබාදීමට මම කටයුතු කළා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 අබු හනිෆා නමැති පුද්ගලයකුගේ දුරකථන දත්ත වාර්තාවක් ලබාගත්තාද? කවුද ඔහු?
 
 ශානි අබේසේකර මහතා-
 
 ඔව්. වනාතවිල්ලූවේ ලැක්ටොස් වත්තෙන් අත්අඩංගුවට ගත් අයෙක්.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 වනාතවිල්ලූවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගත් ස්ථානයට ගියබව ඔබ ඊයේ සඳහන් කළා.
 
 ශානි අබේසේකර මහතා-
 
 එහෙමයි.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 2019 ජනවාරි 16 වැනි දින සිදු කළ එම සොයා ගැනීම පිළිබඳව ඔබ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළාද?
 
 ශානි අබේසේකර මහතා-
 
 මමත් දැනුවත් කළා. වාර්තාවකුත් සැපයුවා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 වනාතවිල්ලූවෙන් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව ඔබගේ නිගමනය වූයේ කුමක්ද?
 
 ශානි අබේසේකර මහතා-
 
 යම්කිසි අපරාධ කණ්ඩායමක් විසින් ඉදිරි සැලැස්මක් සඳහා සූදානම් වන බව.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 මොනවගේ අපරාධයකටද සූදානම් වන්නේ.
 
 ශානි අබේසේකර මහතා-
 
 පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන බරපතළ සිදුවීමක් කිරීමට.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 ඒ පිළිබඳව පූජත් ජයසුන්දර පොලිස්පතිවරයා වෙත වාර්තා කළාද?
 
 ශානි අබේසේකර මහතා-
 
 වාර්තා 3 ක් හෝ 4 ක් සැපයුවා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 වනාතවිල්ලූවේ ලැක්ටොස් වත්තේ මොනවාද තිබුණේ.
 
 ශානි අබේසේකර මහතා-
 
 රසායනික ද්‍රව්‍ය අඩංගු බැරල්, ඩෙටනේටර්, ඉලෙක්ටි‍්‍රක් කනෙක්ටස්, මාලිමා, වයර්, කූඩාරම්, පතරොම් මම ඉදිරිපත් කළ 2019 ජනවාරි 18 වාර්තාවේ එම ස්ථානයේ තිබූ සියල්ල පිළිබඳව සඳහන් කළා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 තස්ලීම් නමැති අයෙකුට මාවනැල්ලේදී වෙඩි තැබූ බව ඔබ දන්නවාද?
 
 ශානි අබේසේකර මහතා-
 
 දන්නවා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 වනාතවිල්ලූවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගත් ස්ථානයට තස්ලීම් රැුගෙන ගිය බව ඔබ දන්නවාද?
 
 ශානි අබේසේකර මහතා-
 
 එදා දැනගත්තේ නැහැ. පසුව දැනගත්තා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 ඔබට කියලාද ඔහු රැුගෙන ගියේ.
 
 ශානි අබේසේකර මහතා-
 
 තමන්ගේ තොරතුරු කරුවෙකු රැුගෙන යාම සඳහා එහෙම කියන්න අවශ්‍ය නැහැ.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස ඔබ මොහොමඞ් සහරාන් පිළිබඳව දැන සිටියාද?
 
 ශානි අබේසේකර මහතා-
 
 2019 ජනවාරි 17 ලැක්ටොස් වත්තේදී අත්අඩංගුවට ගත් අයගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වූවා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 මොන විධියට ද ඔහු පිළිබඳව දැනගත්තේ.
 
 ශානි අබේසේකර මහතා-
 
 මුස්ලිම් අන්තවාදී නායකයෙකු ලෙස එම කි‍්‍රයාකාරකම් මෙහෙයවන බව.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 ඒ වනවිට ඔබට වැටහුණාද ඔහුට යම් විධියක ස්වයං ඝාතකයෙකු ලෙස කටයුතු කළ හැකි බව.
 
 ශානි අබේසේකර මහතා-
 
 ඒ විධියේ සැලසුමක් තිබෙන බව අවබෝධ වූවා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා යම් කණ්ඩායමක් යෙදවූවාද?
 
 ශානි අබේසේකර මහතා-
 
 ඒ සඳහා තමයි මාරසිංහ ඇතුළු කණ්ඩායම පූර්ණකාලීනව යෙදවූයේ. එය රහසිගතව කළ යුතු කටයුත්තක් බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දුන්නා. බුදුපිළිම කැඩුවේ මුස්ලිම් අය බව දැනගත්තොත් ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි නිසා මාධ්‍යවලට නොයන ලෙස තමයි එම කටයුතු කළේ.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 ඔහු පදිංචි ප‍්‍රදේශවල ගැවසෙන බවට තොරතුරු තිබුණේ නැහැ. ලැබෙන තොරතුරු අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කළා.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා-
 
 මීට වඩා අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා නේද? එහෙම නම් සහරාන් සහ කල්ලිය අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයි?
 
 ශානි අබේසේකර මහතා-
 
 අපි මූලික වශයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්න යොදාගන්නා ක‍්‍රමයක් තිබෙනවා. දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව ඉන්නතැන් හඳුනා ගන්නවා.
 
 සහරාන් ඇතුළු පිරිස කටයුතු කර තිබුණේ අන්තර්ජාලය හරහා ති‍්‍රම් යන ඇප් එක යොදාගෙන. ඊට සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට නොහැකි වූවා. එම නිසා සහරාන් සිටින ස්ථානයත් හඳුනා ගැනීමට නොහැකි වූවා.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles