Divaina - බහින් බස්වීම දුරදිග ගොස් ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර අතේ කොටසක් හන්දියකට ගෙනැත් දමලා

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
 
 sotමීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කොට ඔහුගේ අතේ මැණික්කටුවට පහළින් කොටස  මීටියාගොඩ මංසන්ධියට ගෙනැවිත් දමා ඇති බව මීටියාගොඩ පොලිසිය පවසයි.
 
 පෙරේදා (25 දා* පස්වරු 6.45 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇත. මෙසේ ඝාතනය කොට ඇත්තේ එරණවිල, මීටියාගොඩ පදිංචි තරිඳු නිශාන් ගුණසේකර (24* නමැති අයෙකි. මොහු නිවසේ සිට මීටියාගොඩ - බටපොළ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත පැමිණ ඇත. එහිදී එහි සිටි පිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙකී පුද්ගලයාට තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කොට ඇති බව පොලිසිය පවසයි. නාඳුනන සිව්දෙනකුගෙන් යුත් පිරිසක් මෙකී පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
 ඝාතකයන් විසින් මෙකී පුද්ගලයාගේ එක් අතක මැණික්කටුව අසලින් කපා එම කොටස ඉන්ධන පිරවුම්හල අසල සිට මීටර් 200 ක පමණ දුරකින් ගෙනැවිත් දමා ඇති බවද පොලිසිය පවසයි. දෙපාර්ශ්වයක් අතර කලක පටන් ඇති ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
 මියගිය පුද්ගලයාගේ මෘතදේහය බලපිටිය මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හා මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ (26 දා* පැවැත්වීමට නියමිතව ඇත.


 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles