බකමූණ පොලිස් වසමට අයත් ජඹුරේවෙල ප්රදේශයේ පිහිටි විහාරස්ථාන භූමියෙක නිදන් හාරමින් සිටි චීවරධාරියෙකු, කට්ටාඩියෙකු ඇතුළුව පුද්ගලයන් 05 දෙනෙකු ඊයේ(25)අළුයම අත් අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ බකමූණ ජයසිරිපුර ප්රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වසන හිමි නමක් සහ දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ පදිංචිකරුවන් 04 දෙනෙකි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයේ වැටලීම සිදුකර ඇති අතර ඒ අවස්ථාවේ කට්ටාඩියා මල් බුලත් තට්ටුව, සුවඳ දුම්,දෙහි ගෙඩි ආදිය තබාගෙන මන්තර ජප කරමින් සිටි බව පොලිසිය පැවැසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට සහ අධිකරණ ක්රියා මාර්ග ගැනීම සඳහා සැකකරුවන් බකමූණ පොලීසියට බාරදී තිබේ. බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
කරුණාරත්න ගමගේ