Divaina - මව සමග දිය නෑමට යමින් සිටියදී අත්ට‍්‍රැක්ටරයට යටවී මාස නවයේ බිළිඳා මරුට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p3 26 1මහදිවුල්වැව ගම්මානයේ මාස නමයක් පමණ වයසැති කුඩා ළදරුවෙකු අත්ට‍්‍රැක්ටරයකට හසුවීමෙන් මියගොස් ඇති බව වාර්තාවේ. මෙසේ මියගොස් ඇත්තේ මහදිවුල්වැව ගම්මානයේ දිනුල සසුන් පේ‍්‍රමතිලක නැමැති කුඩා ළදරුවෙකි.

ඉකුත් (22) දින සවස 03.30 ට පමණ අත් ට‍්‍රැක්ටරයක නැග තම මවත් සමග මහදිවුල්වැවට දිය නෑමට යමින් සිටියදී වැව් බැම්ම අසලදී අත් ට‍්‍රැක්ටරය රියැදුරුට පාලනය  කරගැනීමට නොහැකිව පිටුපසට ගමන් කිරීම නිසා අත් ට‍්‍රැක්ටරයේ පිටුපස ටේලරයේ වාඩිවී සිටි මව ළදරුවත් සමග අත් ට‍්‍රැක්ටරයෙන් බැසීමට තැත්කිරීමේදී ටේලරයට යටවීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුවී ඇත.

මියගිය ළදරුවාගේ මවද තුවාල ලබා ඇත. අත් ට‍්‍රැක්ටරය පැදවූ තරුණයා මේ වන විට මොරගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අවාසනාවන්ත ලෙස මියගිය දිනුල සසුන් පේ‍්‍රමතිලක නැමැති කුඩා ළදරුවාගේ අවසන් කටයුතු ඉකුත් 24 වැනි දින ගම්වාසීන්ගේ සෝ සුසුම්මැද මහදිවුල්වැව පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි. මියගිය ළදරුවාගේ දේහය එම ළදරුවාගේ නිවසේ තැම්පත්කර තිබු අයුරු ඡුායාරුපයෙන් දැක්වේ.

ජයන්ත වාසුල - ගලෙන්බිදුණුවැව

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles